‘‘ හැමදාම කියනවා මහණ වෙන්න ඕන කියලා..දැන් ජය පිරිත කට පාඩමෙන් කියනවා”

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පාසල් යෑමට අරණායක විහාරස්ථානයකට පැමිණි අවුරුදු 10ක් වයසැති අසරණ ගිහි ඉස්ලාම් දරුවෙකු පිරිවෙන් අධ්‍යාපනයට යොමුවීමෙන් පසුව ගිහි ජීවිතය අතහැර සසුන්ගත වීමේ පුවතක් පසුගිය දිනෙක අරණායකින් වාර්තා විය.

එම දරුවා පැවිදි දිවියට එළැඹීමෙන් පසු වැඩවසන්නේ මොරගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේය.උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වන දරුවා සසුන්ගත වීම මහණ වීමට ප්‍රථම ඔහුගේ නම මොහොමඩ් ඉසඩ් සමීර් සුවෙර්ය.මව චිත්‍රා ශ්‍රීමති චිලිවර් වන අතර වයස අවුරුදු 36කි.පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් ඔහුට වයස 33කි.මොරාගම්මන විහාරාස්ථානයේ පසුගිය දිනෙක පැවිදි දිවියට පිවිසි මොහොමඩ් දරුවා දැන් මාලිගාවත්ත චන්දකිත්ති හිමියන්ය.

මේ දරුවා අරණායක මොරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයට ලැබුණු සැටිත්,පැවිදි දිවියට පත්වූ ආකාරයත් විහාරාධිපති පුවක්මොටේ ධම්මරතන නාහිමියන් කරුණු පැහැදිලි කළේ මෙසේය.

‘‘ අද මේ පැවිදි වෙලා ඉන්න හිමියන් ගිහි කාලයේදී ළමයෙක් විදියට මේ විහාරයට ආවේ මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන ජඹුරවෙල චන්ද්‍රරත්න හිමියන්ගේ මග පෙන්වීම අනුවයි.උන්වහන්සේ තමයි මට කීවේ මේ වගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුලුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබාදෙන්නට කියලා.ඒ අනුව මගේ කැමැත්ත ලැබුණාම උන් වහන්සේ දරුවා එක්කරගෙන ඇවිත් මට භාර කළා.දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමුකළේ අරණායක පොල් අමේගොඩ පිරිවෙන් විහාරස්ථානයට. ගිහි කාලයේදීම තමයි යැව්වේ.මට මතක හැටියට ඒ 2017 ජූනි මාසයේ .ඒ මාසයේදී තමයි දරුවා මෙහෙට ලැබුණේ.දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම බොහෝ දිනවල මා සමග සහ අපේ පන්සලේ සිට පිරිවෙන් යන අනෙකුත් හිමිවරුන්ට කියලා තිබුණේ ගිහිකම අතහැර මහණ වෙන්න කැමති කියලා.

ඉස්ලාම් දරුවෙකු නිසාත් මේ සඳහා මවුපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ පුතණුවන්ට කුඩා කාලයේ කීවත් මේ පුතා නිතරම කීවේ මහණ වීමට කැමති කියලා.මට ලොකු හාමුදුරුවෝ වගේ සිවුරු පොරවාගෙන මහණ වෙන්න ඕනෑ.පිරිවනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතනවා.ඒ නිසා මාව පැවිදි කරවන්න කියලා තමය නිතරම කීවේ.

මට හිතෙනවා මේ පොඩි නම හොඳට ඉගෙනගනී කියලා.මොකද හරි උනන්දුවක් තියනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මා ඇතුළු අපේ පන්සලේ අනෙක් සාමණේර හිමිවරුන්ද පිරිවෙන්හි  ආචාර්ය මණ්ඩළයත් හිමියන්ගේ දක්ෂතාව නිසා ඒ ගමන යන්න උන් වහන්සේට විශාල පිටිවහලක් සපයනවා.පන්සලට ගිහින් ගිහියෙක් ලෙස එනකොට අකුරු ලියන්න බැහැ,කියවන්න බැහැ,නමුත් හිමියන්ට දැන් හොඳට ඒ සියල්ල කරන්න පුලුවන් .වෙලාව බලාගෙන කියන්න බැරිව හිටියත් දැන් ඒ කටයුතුද ඉතා හොඳින් සිදු කරනවා.පිරිත් කියන්නපුදුම විදියේ කැමැත්තක් තියනවා.අපි ජය පිරිත කියනවා අහගෙනම ඉඳලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා…‘‘

චන්කිත්ති හිමියන් මේ ගැන පවසන්නේ මෙවැන්නකි.

අපේ ගෙවල් ගාව සිංහල අය තමයි වැඩිපුර හිටියේ,මම මහණ වෙන්න ගොඩක් කැමැතියි,සිවුරු දාගෙන  ඉන්න හාමුදුරු දැක්කට පස්සේ මටත් මහණ වෙන්න හිතුණා.මම පිරිත් කියන්න,බණ කියන්න වගේම පිරිවනේ උගන්වන්නත් කැමතියි.මම පුංචි දවස් වල ඉඳන් හාමුදුරුවන්ට කැමතියි.මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන් වගේම පිරිවනේ හාමුදුරුවන් මට ගොඩක් කැමතියි.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: