Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

විරෝධාර රණවිරුවන් වෙනුවෙන් නව නිවාස හිමිකම් පත් ජනපති අතින්..!                 මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී – පොලීසිය නිදි..!                 ජනපති මැදිහත්වීමෙන් වර්ජනය අවසන් – දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌..!                 අප්‍රිකානුවන් පරදා ලකුණු 178ක වාර්තාගත ජයක් අපේ සිංහ පැටව් ගත්තු හැටි මෙන්න..!                 යුදහමුදාවේ 100කට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක්..!                 දිවියන් කෑ බව කී සමනලවත්තේ දරුවා පැහැරගත්තේ දරුවාගේ මාමාද..? පොලිසය කරුණු රැසක් අනාවරණය කරගනී..!                 සැකකරුවෙක් ඝාතනයට ඉඩක් නෑ – යුධ හමුදා මේජර්ට මරණ දඬුවම දෙමින් විනිසුරු ඉලංචේලියන් කියයි..!                 රිදෙන්නේ ජනතාවටයි – ආණ්ඩුවට නොවෙයි                

බෞද්ධ රටේ සංස්කෘතිය වනසන,මංගලට එරෙහි සමාජ මාධ්‍ය නැගිටීම මහින්ද පිට දාන්න යන මෙහෙයුමක්..!

මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්තාව ලබා දී තිබෙන පුවත අප ඔබට බොහොමත්ම සංවේගයෙන් වාර්තා කලා මතක ඇති. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එයට අදාල ගැසට් පත්‍රයට පසුගියදා අත්සන් තබා ඇති බවටත් අප වාර්තා කලා ඔබට මතක ඇති.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීම හා මත්පැන් මිළදී ගැනීම සඳහා තිබූ තහනම ඉවත්ව යනවා. එමෙන්ම සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘතව සහ වසා තැබෙන වේලාවන් සංශෝධනය කරමින් සුරාබදු ආඥා පනත යටතේ නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදේශ මත්පැන් තැබෑරුම්, රා තැබෑරුම්, සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල්, සිනමා ශාලා බලපත්‍ර ස්ථාන මෙන්ම, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන ඇතුළු මත්පැන් අලෙවි මධ්‍යස්ථාන බලපත්‍ර 17 කට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ. නව සංශෝධනයට අනුව, විදේශීය මත්පැන් තැබෑරුම් පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වාත්, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන පෙරවරුවේ 8 සිට රාත්‍රී 10 දක්වාත්, විවෘතව තැබිය හැකියි.

‘හෙළ බොදු සවිය’ නමැති සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්, “ඇමති මංගලගේ අවමංගල නීති සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන රටේත් ජාතියේත් අනාගත පරපුරෙත් හෙට දවස ගැන සිහිනුවණින් සිතා සාදාචාර සමාජයක් උදෙසා කටයුතු කරන්නැයි” ඉල්ලා තිබේ. ඒ අතර සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමති මංගලගේ මෙම ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් “කාන්තාවන් මත්පැන් සඳහා ඇබ්බැහි වුවහොත් මුළු මහත් ජාතියකට අබ සරණයි” යයි පැවසුහ.

එමෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි.

මංගලට එරෙහි සමාජ මාධ්‍ය නැගිටීම, හිටපු ජනපති මහින්ද පිට දාන්න යන මෙහෙයුම මෙන්න..!

මේ අතර මංගල සමරවීරගේ මෙම අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහි වෙමින් සමාජ ජාලා තුළ විශාල විරෝධයක් එල්ල වෙමින් තිබෙන අතර එය මෙම මැතිවරණ සීමාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නියෝගයක් අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ප්‍රචාරය කරන ලෙසට මංගල සමරවීර ඇමතිවරයාගේ මාධ්‍ය හසුරුවන පුද්ගලයෙක් ප්‍රචාරනයක් සිදු කෙරෙමින් පවතිනවා.

ඒ සඳහා ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ මේ සඳහා දැනටමත් වෙබ් අඩවි කීපයකම මෙම පුවත පල කර තිබෙනවා.

එහි වැඩිදුරටත් එහිදී මුදල හා මාධ්‍ය අමාත්‍යංශය විසින් මත්පැන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකල සංශෝධන වලට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා ‘ජාතික බලවේග’ උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින් මෙම ගැසට් නිවේදනය අවලංගු කරවා ගැනීමට බලපෑම් කරන ලෙසට සහ ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ගැටුමක් නිර්මාණය කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රචාරක කටයුතු සිදු කරන එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක හිතවතෙක්ට පවසා ඇති බව සඳහන් කරමින් මෙම ව්‍යාජ පුවත් ඔවුන් ප්‍රචාරය කරමින් පවතිනවා.

එමෙන්ම මේ සඳහා නාමල් රාජපක්ෂ මහතාද සිය සහය පළ කරමින් සිටින බවත් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව සිටි කිහිප දෙනෙක්ම මෙම ක්‍රියාවලිය සිදු කරන බවටත් එම අසත්‍ය ප්‍රචාරය තුළ මොවුන්ට සඳහන් කරන ලෙසට ඉහලින් උපදෙස් ලැබී ඇති බවටත් වාර්තා වෙනවා.

මාතෘත්වය කෙළෙසමින්, බේබද්දන්ගේ සුරපුරයක් කිරීමට යන අපේ රට

ශ්‍රී ලංකාවේ සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කිරීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබේ. මෙම සංශෝධන ඇතුළත් සුරාබදු ආඥ පනතට අදාළ ගැසට්‌ නිවේදනයට පෙරේදා (11 දා) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අත්සන් තබා තිබේ. මීට අමතරව වයස අවුරුදු 18 න් ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදීමටද ආණ්‌ඩුව තීරණය කර තිබේ. 1955 වසරේ සිට වසර 60 කාලයක්‌ පොතට පමණක්‌ සීමාවී තිබූ මෙම නීතිය සංශෝධනය කිරීමත් සමඟ මත්පැන් අලෙවිසල් තුළ සේවය කිරීම සඳහා කාන්තාවන්ට පූර්ව අනුමැතියක්‌ අවශ්‍ය නොවනු ඇත.

රටේ දහසක්‌ දැවෙන ප්‍රශ්න එහෙමම තිබියදී ආණ්‌ඩුව රටේ සුරාපානය සම්බන්ධයෙන් පමණක්‌ ලිබරල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට කටයුතු කරන බව පෙනේ. පසුගිය අයවැය යෝජනා තුළින් බීර මිල අඩු කිරීමේ සිට සුරාසල් වැඩිපුර කාලයක්‌ විවෘතව තැබීම යන කාරණා සුරාපානය කරන්නන්ගේ සතුටට හේතුවිය හැකි වුවත් එමඟින් ඇති කරන සාමාජීය අර්බුදවල දිග පළල පිළිබඳව ආණ්‌ඩුවට අවබෝධයක්‌ නොමැති බව අපගේ හැඟීමයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව මත්පැන් පානය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ ප්‍රමාණය 10,000 සිට 15,000 ක්‌ අතර වේ. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30% සිට 35% ක්‌ අතර ප්‍රමාණයක්‌ මත්පැන් පානය කරනු ලබයි. එම ප්‍රතිශතයෙන් අඩක්‌ නියෝජනය කරන්නේ ස්‌ත්‍රීන්ය. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසන්නේ බටහිර රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ මත්පැන් භාවිත කරන පිරිස අඩු වුවත් ඔවුන් තදින් මත්පැන් පානය කරන බවය. බටහිර රටවල ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 3.5 ක්‌ වෙද්දී ශ්‍රී ලංකාවේ එම අගය තුන් ගුණයකින් ඉහළ බව වෛද්‍ය අබේකෝන් මහතා පවසයි.

සුරාබදු පනතට අදාළ සංශෝධන ගෙන එමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා දක්‌වන මතයට අනුව ශ්‍රී ලංකාවට සුරාපානය සම්බන්ධයෙන් යොදා ගත හැක්‌කේ ක්‍රමවේද දෙකකි. එම ක්‍රමවේද නම් සෞදිඅරාබිය මෙන් මුළුමනින්ම මත්පැන් පානය තහනම් කිරීම හෝ යුරෝපය මෙන් සැර අඩු සුරා පානවල (බියර්) මිල අඩුකිරීමය. ආණ්‌ඩුව බියර් පාන සඳහා මිල සූත්‍රය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට සුදුසුම ක්‍රමවේදය එය නිසා බව මුදල් ඇමැතිවරයා පවසා තිබිණි.

ගල් අරක්‌කු හෝ පොල් අරක්‌කු හෝ විස්‌කි හෝ බ්‍රැන්ඩි හෝ බියර් හෝ මේ සෑම සුරාපානයකම අඩංගු ප්‍රධාන සංඝටකය එතනෝල්ය. 32% ක මධ්‍යසාර ප්‍රතිශතයක්‌ අඩංගු සුරාබීමකින් ශරීරයට අවශෝෂණය වන එතනෝල් ප්‍රමාණය 8% ක මධ්‍යසාර අඩංගු බියර් කෑන් 4 කින් ලැබෙනු ඇත. එම නිසා ආණ්‌ඩුව බියර් මිල අඩු කළද මත්පැන් මගින් සිරුරට සිදුවන හානිය එමගින් අඩුවන්නේ නැත. එම නිසා ආණ්‌ඩුවේ මිල සූත්‍රය සුරාපානය කිරීමෙන් සිරුරට ඇතිවන ආදීනව අවම කරන ක්‍රමවේදයක්‌ නොවන බව සුරාපානය කරන්නන් අවබෝධ කරගත යුතුය.

සුරා පානය යනු සංස්‌කෘතික ක්‍රියාවලියකි. මෙය අණ පනත් මගින් හෝ ඒවා සංශෝධනය කිරීමෙන් හෝ සුරා පානයේ ආදීනව ගැන කියෑවෙන බණ කතා කියෑවීමෙන් පමණක්‌ පාලනය කළ නොහැක. රටේ මත්පැන් භාවිත කරන පිරිස අවම කළ හැක්‌කේ තරුණ පරපුර අතර සංස්‌කෘතික ක්‍රියාකාරකම් ඉහළ දැමීමෙනි. අද ලංකාවේ තරුණයාට විනෝදවීම පිණිස මත්පැන් පමණක්‌ තෝරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සංස්‌කෘතික ක්‍රියාකාරකම් මැතිවරණවලට පමණක්‌ සීමා වී තිබෙන බැවිනි. එම නිසා රටේ සුරා පානය අවම කිරීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ ඇත්නම් කළ යුත්තේ රටේ තරුණ පරපුර අතර සංස්‌කෘතික ඉසව් වර්ධනය කිරීමට ඉඩ සැලසීමය. යුරෝපයේ සුරා පානය අවම වී ඇත්තේ අණ පනත් මගින් පමණක්‌ නොව සංස්‌කෘතිය මගින් ඇතිකරන ලද මානව ක්‍රියාකාරකම් ඉහළ යැම තුළිනි. නීතිය මගින් විසඳාගත නොහැකි බොහෝ අර්බුද සංස්‌කෘතිය මඟින් විසඳී තිබේ. රටේ සංස්‌කෘතිය පෝෂණය කිරීමට ආණ්‌ඩුව මීට වඩා වැඩි අවධානයක්‌ යොමු කළ යුත්තේ මේ නිසාය.

සංස්‌කෘතික කාන්තාරයක්‌ බවට පත්වී ඇති ශ්‍රී ලංකාව වැනි රටක සුරාබදු නීති රීති ලිහිල් කිරීමෙන් සිදුවන්නේ රට බේබද්දන්ගේ සුරපුරයක්‌ බවට පත්වීමට පාර කැපීමය. මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ අණ්‌ඩුව ප්‍රමාදවී හෝ වටහා ගත යුතු සත්‍යය මෙයය.

අදාල ගැසට් නිවේදනය පහතින්,