Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

මෙරට අධ්‍යාපනය වෙනුවෙන් අමිල සේවයක් කල ගුරු තරුව සමුගනියි..! (PHOTO)

කුරුණෑගල පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ, හාරිස්පතුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාරතුගොඩ ධම්මානන්ද නාහිමියන් අපවත් වී තිබේ.

වයස අවුරුදු 72ක් ආයු වැළදූ උන්වහන්සේ, මහනුවර මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී ඊයේ පස්වරුවේ දැයෙන් සමු ගත්තේය.

උන්වහන්සේ මෙරට  අධ්‍යාපන අමාත්‍යංශ සම්භාෂා අධ්‍යාපන ප්‍රකාශනයේ සංස්කාරකවරයෙකු ලෙස ද කලක් කටයුතු කලේය.

දැයේ දරුවන්ගේ අධ්‍යපන අයිතිය සුරකිනු වස්, දිවයින පුරා අධ්‍යාපන ආයතන, පිරිවෙන් මෙන්ම පූජනීය ස්ථාන ආරම්භ කිරීමේ ද නිර්මාතෘවරයෙකි.

උන්වහන්සේ ශ්‍රි දේහය මේ වන විට මාරතුගොඩ විදුමිණ පිරිවෙන් විද්‍යායතන ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු පිලිබද තීරණය, යුරෝපයේ ප්‍රධාන සංඝනායක, ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරාධිපති කිරිදිගල්ලේ ධම්මරතන නාහිමියන් සහ දායක සභාව රැස් වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇති.

අසංක බණ්ඩාර