දසවසරක්‌ සිරගතව සිටි “මිෂා සහ ඩාෂාගේ” දිවිබේරා ගත්හැටි..! (PHOTO)

දසවසරක්‌ තිස්‌සේ ආර්මේනියාවේ අවන්හලක කූඩුවක සිරකර සිටි වලසුන් දෙදෙනෙකු බේරා ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවන්හලට පැමිණෙන්නන් රස බොජුන් වළදද්දී මෙම වලසුන් දෙදෙනා ඒ දෙස බලාසිටිනවා.

බ්‍රිතාන්‍ය පුවත්පතක්‌ එම වලසුන් මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් හෙළිකරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සාගින්නේ සිටි මිෂා සහ ඩාෂා බ්‍රිතාන්‍ය සහ ආර්මේනියානු සත්ව අවිහිංසාවාදීන් විසින් යකඩ කූඩුව කඩා බේරාගනු ලැබුවා.

දස වසරක්‌ සිත්පිත් නැති අකාරුණික අවන්හල් හිමියකුට ගොදුරුවී සිටි මිෂා සහ ඩාෂාට මෑතකදී ආර්මේනියානු කඳුකරයේ පිහිටි නිවහනක්‌ හිමිවී තිබෙනවා. 

Facebook Comments

more recommended stories

%d bloggers like this: