වාහන වලින් හොර ගමන්,හයියෙන් ගිහිල්ලා ඉවරයි – මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන් අලුත් ගැජට් එකක්..!

රේඩියෝ සංඛ්‍යාත හරහා ඕනෑම මෝටර් රථ වාහනයක්‌ තිබෙන ස්‌ථානය, ගමන් කරන දිශාව ආදී සියලු තොරතුරු ලබාගත හැකි ක්‍රමවේදයක්‌ ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නැංවීම මිනිස්‌ අයිතිවාසිකම් හා පුද්ගලිකත්වය සම්බන්ධයෙන් ඇති සියලු නීතිරීතිවලට මුළුමනින්ම පටහැනි බව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසිය.

නව ක්‍රමවේදය මගින් ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන අතර පුද්ගලික ආරක්‍ෂාවට ද හානිකර බව ඔහු සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. “මෙය 1948 එක්‌සත් ජාතීන්ගේ මිනිස්‌ අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයට මුළුමනින්ම විරුද්ධය. ඒ වගේම 1966 සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන ප්‍රඥප්තියට මුළුමනින් විරුද්ධයි. මේ ප්‍රඥප්ති දෙකටම අපි අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිවිල් නීතියේ දිලික්‌ක නීතිය යටතේ මීට විරුද්ධව අධිකරණයට යා හැකියි. යම් පුද්ගලයකු අපරාධකරුවකු හෝ සැකකරුවකු නම් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන මෙසේ ඔහු යන එන ගමන් පරීක්‍ෂා කළ හැකියි. එසේ නොමැතිව මෙවැනි දේ කරන්න බැහැ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නැංවීමට නියමිත රේඩියෝ සංඛ්‍යාත සහිත මෝටර් රථ අංක තහඩුව හා ස්‌ටිකරය මුලින්ම අලුතින් ලියාපදිංචි කරන රථවාහන සඳහා ද පසුව මෙතෙක්‌ ලියාපදිංචි කළ වාහන සඳහා ද ක්‍රියාත්මක කෙරේ.එමගින් පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට ඕනෑම වාහනයක්‌ ඕනෑම මොහොතක තිබෙන ස්‌ථානය හා ගමන් කරන දිශාව ආදී සියලු තොරතුරු ලබාගත හැකි වේ.ඒ සඳහා තවත් විශේෂිත උපකරණ රට පුරා විවිධ ස්‌ථානවල සවි කිරීමට ද නියමිතය.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: