Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

ආණ්‌ඩුවෙන් ගිය 16ට විපක්‍ෂයේ අසුන් ගන්න ජනපතිගෙන් අවසර – මධ්‍යම කාරක සභාවේ තීන්දු මෙන්න

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් 16 දෙනා ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා අවසර ලබා දී ඇත.

ඒ ඊයේ (24) පැවති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමටද මධ්‍යම කාරක සභාවේදී තීරණය වී තිබේ.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න ලබන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට මෙහිදී තීරණය වී ඇත.

මැයි 08ත් මැයි 15 වැනිදාත් අතර මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතය.

මේ අතර රටේ බහුතර ජනතාව කියන්නේ ආණ්‌ඩුව වෙනස්‌ විය යුතු බවද විපක්‍ෂයේ අසුන් ගන්නේ ආණ්‌ඩුව පෙරළීමේ අරමුණින් බවද හිටපු ඇමති චන්දිම වීරක්‌කොඩි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. මේ ආණ්‌ඩුව යම් යම් හොඳ දේවල් සිදු කළ ද 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට තමන් ඇතුළු පිරිස කැපවී කටයුතු කරන බව ද ඔහු එහිදී සඳහන් කර තිබුණි.