තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කළ සිද්ධියට නාවික හමුදා සාමාජිකයෙක් අල්ලයි..!

තරුණයක්‌ 11 දෙනකු පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නාවික හමුදා හිටපු සාමාජිකයකු ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16 දා) නියෝග කළාය.

2008 වසරේදී සුදු වෑන් භාවිතා කරමින් සිදුකළේ යෑයි කියන එම පැහැර ගැනීම හා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ කස්‌තුරිගේ ගාමිණී නමැති විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයාව එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එම අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්‍ෂණවලට අගතියක්‌ වන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්‌ඩායමේ සාමාජික නීතිඥවරයකු වන නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාට අවවාද කළාය.

නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විවිධ අවස්‌ථාවලදී අප සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පැමිණිල්ලේ පරීක්‍ෂණවලට බලවත් අගතියක්‌ වී ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එලෙස අවවාද කළාය.

එම නඩුව ලබන පෙබරවාරි 8 වැනිදා යළි කැඳවීමට දින නියම කළ මහෙස්‌ත්‍රාත්වරිය එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොමදොඅරු ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනාට නියෝග කළාය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: