වැස්සේ තෙමි තෙමී මුස්ලිම් තරුණියක් ජාතික ගීයට සීරුවෙන් හිටපු හැටි..! (PHOTO)

මේක නම් අපිට ටිකක් නුපුරුදු ජායාරුපයක් වේවි.පසුගිය දා කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සව පැවැත්වුනා.විශාල පිරිසක් පැමිණි සිටියා.උත්සවය ආරම්භ කරමින් ජාතික ගීය වාදනය කරන්න උත්සව සංවිධායකයින් කටයුතු කලත් වර්ෂාව හිටි හැටියේ කඩා පාත් වුනා.එලි මහනේ සිටි අය නොතෙමෙන්නට ගියත් මුස්ලිම් තරුණියන් දෙදෙනෙක් වැස්ස නොතකා ජාතික ගීය අවසන් වන තුරුම සිටියා.ඉතින් තම රටට ජාතියට ආදරය කරන මෙවැනි අය අගය කල යුතු නොවේද? අදාල ෆේස්බුක් සටහන පහතින් නරඹන්න

නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ..!

මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදුසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට්‌ එකකුත් තිබ්බා.උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා. ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට්‌ එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.

සිංහලෙන් යන ජාතික ගීයට ඇය වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා…

(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)

බොහොම ස්තුතියි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: