මුත්‍රාශයේ ගල්වලට පිළියමක් මෙන්න..! – අමාරුවේ වැටෙන්න කලින් දැන්ම කියවන්න

සුවපත් දිවියක් ගත කරනවා කියන්නේ කායිකව මෙන්ම මානසිකව ද යහපත් තත්ත්වයෙන් ජීවත් වීමයි. නමුත් විවිධ හේතු සාධක නිසා අපේ සුවපත්භාවයට ගැටලු ඇති වෙන්නේ අපිටත් නොදැනීමයි.

බටහිර වෛද්‍ය ක්‍රමයන්ගෙන් විසඳුමක් නොලද විට ඉන් පසු බහුතරයක් ජනතාව ආයුර්වේදය දෙසට හැරීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී තිබෙනවා. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත සුවපත්ව ගත කරනු ලැබේ. එවැනි ප්‍රතිකාරවල පවතින විස්මිත බව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව සුව කළ හැකි මුත්‍රා මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇති වීමේ රෝග හේතු පිළිබඳ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මේ ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දැක්වූ අදහස්.

මිනිසාගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගී තත්ත්ව ගණනාවක් වර්තමානය වනවිට දැක ගැනීමට හැකි අතර, මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශි‍්‍රත කලාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක් හිමි කර ගනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇතිවන ගල් අශ්මරි ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ඝන වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ඇතිවන ගල් ද තිබෙන අතර, ඒවා පිත්ත අශ්මරී ලෙසින් ද හැඳින්වේ.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව මෙවැනි ගල් ඇති වීමට බලපාන හේතු.

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක්. වශයෙන් හඳුන්වා දිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරත වීම සමඟම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කතාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍රවේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.

මුත්‍රා ගල් ඇති වූ විටදී රෝගියා මුහුණ දෙන අපහසුතා.

මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකියි. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශය දක්වා ගමන් කරන වේදනාවක් හටගත හැකියි. විශේෂයෙන්ම මෙම ගල් ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පිරිමි පාර්ශ්වයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්ඩකෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට ද තද කැක්කුමක් ද ඇති වේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරි වැටෙන ස්වභාවයක් ද බොහෝවිට දැකගත හැකි වේ. මෙවැනි ලක්ෂණ මෞත්‍ර ලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.

මීට අමතරව මුත්‍රා පිට කිරිම් ආශි‍්‍රතව ද රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිළි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකි වේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්වභාවයක් ද දැකගත හැකි වේ. තවද ශුක්‍ර නාල අවහිර විමෙන් විවිධ පීඩාවන් ඇති කරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ඝන වීම නිසා ඇතිව ස්ඵටික ශුක්‍ර නාලවල සිරවී ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇති වීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත් කරයි. රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා මුත්‍රා ගල් පිටවන අවස්ථා ද දැකගත හැකි වේ.

මුත්‍රා මාර්ගය හරහා එවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණ දීමට සිදුවන අපහසුතා.

මෙසේ මුත්‍රා මාර්ග හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරීමකට ලක්විය හැකිය. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකි. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකියි. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශි‍්‍රතව තද වේදනාවක් ද ඇතිවිය හැකියි. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක් ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීමද බොහෝදුරට දැකගත හැකි වේ.

මෙවැනි රෝගීන්ට සුවය සැලසීම සඳහා ආයුර්වේද ක්‍රමය අනුව ඖෂධ පහසු ක්‍රමයට සකසා ඇති බව පවසන්නේ වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතාය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: