ISIS පැහැර ගෙන ගොස්‌ වසර 3 ක්‌ තිස්සේ 12ක් අතින් දූෂණයට ලක්‌ වූ ‘නදියා මුරාඩ්ගේ’ සංවේදී කතාව.

නට්‌සි වධකයන්ගේ ගොදුරු බවට බොහෝ තරුණියන් පත් වුණා. මේ කියන්න යන තරුණියත් එවැනි වදක වලට ලක් වෙනවා.ඇය ඉරානයේ ජන කොට්‌ඨාසයකට අයත් 21 වියෑති යදිසි තරුණියක්‌. උතුරු ඉරාකයේ Kocho ගම්මානයේ කෘෂිකාර්මික ජීවන රටාවක්‌ සහිත ප්‍රීතිමත් සාමකාමී පවුලක සාමාජිකාවක්‌ ලෙසයි ඇය ජීවත් වූයේ. සොහොයුරන්, සෙහොයුරියන් හා ඇගේ මවත් අනිත් සාමාජිකයින් මේ සියල්ලන් වාසය කළේ එම නිවසේයි.

එහෙත් 2014 අගෝස්‌තු 3 වැනිදා එම සාමකාමී පවුලට උදාවූයේ සෙනසුරු දසාවක්‌. ඒ මේ යෂිදි ජනයාට විරුද්ධ ISIS මූලධර්මවාදී සටන් කණඩායම් ඇගේ ගම ආක්‍රමණය කරන්නට පටන් ගත් විට තම සතුටුදායක කාලය අවාසනාවන්ත ලෙස නිමාවට පත්වුණා. ඔවුන් පිරිමි යෂිදිවරුන් හා වැඩිහිටි ගැහැනුන් 600ක්‌ පමණ මරා දැමූ අතර යෂිදි තරුණ ගැහැනුන් 6,700 කට වැඩ පිරිසක්‌ මොසුල්වල පිහිටි වහල් කඳවුරක ගාල්කළා. පැන යාමට උත්සාහ කළ වුන් අල්ලා ගත් පසු ඔවුන් සිගරට්‌වලින් පුලුස්‌සා, පහර දුන්නා, අවසානයේ ලිංගික දූෂණයට ද ලක්‌ කළා.

නදියා මිනිසුන් 12 දෙනකු අතින් දූෂණයට ලක්‌ වූ බව ඇය පසුව ප්‍රකාශයක්‌ කර තිබෙනවා. අන්මේදී අගුළු දැමීමට අමතක වූ දොරටුවකින් පලා යාමටත් අසළ ගම්මානයක කාරුණික පවුලක උදවු ලැබීමටත් ඇයට හැකි වී තිබෙනවා. ඊට අවුරුදු 3කට පසු 2017 ජුනි මාසයේදී. අනතුරුව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණඩල කාර්යාලයේදී ඇය තම කටුක අත්දැකීම් අළලා කළ දේශනය සැමගේ සිත් දැඩි කම්පනයට පත්කළා.

මා සිටියේ විශාල තැති ගැනීමකින් හා බියකින් යුතුව කිසිවෙකුගේ පිහිටක්‌ නැතිවයි. එහි විශ්වාස කළ හැකි අවංක හෝ කරුණාවන්ත කිසිම හදවතක්‌ තිබුණේ නැහැ. මට ගැලවීමක්‌ ලැබේ යයි මා කිසිවිටක සිතුවේ නැහැ. අපි කුඩා ජන කොට්‌ඨාසයක්‌ නිසා අපේ ගැලවීමක්‌ ගැන කිසිවකු උනන්දු වූයේ නැහැ.

මගේ නම නදියා මුරාඩ්. මේ සිදුවීම වන කොට මගේ වයස අවුරුදු 21ක්‌. මා පාසල් අධ්‍යාපනය ලබමින් සිටියේ. කවදා හෝ ගායිකාවක වීමේ සිහිනයක්‌ මට තිබුණා. ඒ වගේම ඉතිහාසය උගන්වන ගුරුවරියක්‌ වීමටත් වේෂ නිරූපණ ශිල්පිනියක්‌ වීමටත් මම සිතාගෙනයි සිටියෙ. ඒ සිහින සියල්ල බොඳ වී ගියා.අපි යදිෂිවරු. ඉරාක මුස්‌ලිම්වරු අප සමඟ වෛරයකින් සිටියේ. මගේ පවුලේ 8 දෙනකු සිටියා. සොහොයුරන් සොහොයුරියන් ලේලිලා සහ මගේ මව. අපි ඉතා චාම් සාමකාමී ජීවිතයක්‌ ගතකළේ. ඒ වුණත් අප සතුටින් සිටියා. ISIS කැරලිකරුවන් අපව වට කළ පසුව අප සතු සියල්ල අපට අහිමි වුණා. ඒ 2014 අගෝස්‌තු 3 වැනිදා.

බොහෝ නිවැසියන් අසළ වූ කඳුකරයට පලා ගියා. එසේ යා නොහැකි වු 3000ක්‌ පමණ දෙනා ඝාතනයට ලක්‌ වුණා. ආබාධිත අය, රෝගී වූවන්, වැඩිහිටි අය හා දරුවන්ද ඇතුළුව කඳුකරයට පලා යාමට අපට කාලය මදි වුණා. අපි උදව් ඉල්ලුවා ඒත් කිසිම උදව්වක්‌ ලබා ගන්නට අපට හැකි වුණේ නැහැ. කැරල නායක අමීර් අපේ ගම් ප්‍රධානියා හමු වෙන්නට ආවා. අපට ඉවත් වීමට දින තුනක්‌ දෙන බවත් ඉන් පසුව සියල්ලන් මරා දමන බවත් ඔහු කීවා.

පසුව ඔවුන් අප සියල්ලන් පාසලකට ගාල් කළා. අමීර් කීවේ සියලු යදිසිවරුන් පොලොවෙන් අතු ගා දමන බවයි. අප මර බයෙන් හිටියේ. උන් අපේ කණකර ආබරණ ගලවා ගත්තා. මාල වළලූ හැඳුනුම්පත්, මොබයිල් ෆොන් ද අර ගත්තා. ඉන් පසුව අප අතර සිටි වැඩිහිටි අයව පාසලින් එළියට රැගෙන ගියා. අප අපේ ජීවිතයේ ඉතාම අප්‍රසන්න දුක්‌මුසු දැක්‌ම ජනේලයක්‌ තුළින් බලා සිටීමට තරම් අවාසනාවන්ත වුණා. ඒ එළියට ගත් පිරිස වෙඩි තබා මරා දමන අන්දමයි. ඊළගට අවිවාහක ගැහැනු කෙල්ලන්, වැඩිහිටි ගැහැනු එළියට ගත්තා. කෙල්ලන්ට හැර අනිත් අයට ද වෙඩි තබා මරා දැම්මා. මගේ මවත් ඒ අතර සිටියා. මගේ ජීවිතයේ මා දුටු අවාසනාවන්තම දර්ශනයයි.

පිරිමි ළමයි උන්ගේ පුහුණු කඳවුරුවලට යොමුකරනු ලැබුවා. ඊළගට ආවේ අපේ වාරයයි. ඒත් උන් අපට වෙඩි තැබුවේ නැහැ. එතැන සිටියා 25, 26 වයසේ කෙල්ලන් 150ක්‌ විතර. උන් අප රාත්‍රියේම බස්‌වල පටවා මූසල් ඵදිමක වල රැඳවුම් කඳවුරට ගෙන ගියා. අප එසේ ගෙන ගිය පසුවයි අපට උන්ගේ තිරිසන් අරමුණ පැහැදිලි වුණේ. උන්ට ඕනෑ වී තිබුණේ උන්ගේ කාම පිපාසය අපගෙන් නිවා ගැනීමටයි. මෙහි නෑවිත් අපටත් වෙඩි තබා දැම්මා නම් හොඳ යයි අපට සිතුනේ උන් එකිනෙකා අපව එදා රාත්‍රියේ දූෂණය කරන්ට පටන් ගත් විටයි. මා ළගට පැමිණි පළමු වැනි මිනිසා ගෙන් ගැලවීමට මා හැකි තරම් වෙර දැරුවා කෑගැසුවා.අඬුවා. එත් පලක්‌ වුණේ නැහැ. උන් අපව කුලියට දුන්නා. විකුණුවා. පලා ගිය වුන්ට දස වධ දුන්නා. සිගරට්‌වලින් පිලිස්‌සුවා. පහර දුන්නා. මේ අන්දමින් ඒ අපායේ අප අවරුදු 3ක්‌ සිටියා. ඒත් නොසිතූ ලෙස දවසක්‌ මට ගැලවී යැමට අවස්‌ථාව සැලසුණා. වැසීමට අමතකවූ කවුළුවකින් මම හොර රහසේ පැන ගත්තා. අසල් වැසි ගෙදරක්‌ මට රැකවරණය දුන්නා.

අගමැති ඩේව්ඩ් කැමරන් මහතා පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් මෙහි ඇති බිහිසුණු තත්ත්වය ගැන විස්‌තර කළා. ඔහු අපට නැවත සාමය ලබාදීමට කටයුතු කිරීම ගැන ස්‌තූති වන්ත වෙනවා. එහෙත් අප විඳි ගොරහැඩි දුක්‌ කන්දරාවත් අපගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් මුළුමනින්ම අපෙන් උදුරා ගත් එම සාහසික ක්‍රියාවලි හා සසඳා බලන විට එම සාමය පමණක්‌ සෑහෙන්නෙ නැති බවයි අපට වැටහෙන්නේ.

අපට ඕනෑ ඉහත කී කෲර අමානුෂික දේවලට වඩාත් බරපතළ ක්‍රියා දාමයක්‌. අන්තර්ජාතික වශයෙන් සියලු ගැහැනුන් , ළමයින් හා දරුවන් සඳහා. මෙතෙක්‌ සොයා ගනු ලැබූ මිනී වළවල්වල සැතපෙන ආත්මයන් හා සොයා නොගත් අතුරුදහන් වූ දහස්‌ ගණන් මිනිසුන් වෙනුවෙන් එමෙන්ම කඳවුරුවල කුසගින්නේ මිය ගිය දහස්‌ ගණන් අසරණයන් වෙනුවෙන් සෑහෙන ක්‍රියාදාමයක්‌.

එමෙන්ම මේ අන්දමින් ලිංගික ගොදුරු බවට පත් වූ අවසාන ගැහැනු ළමයාත් මා විය යුතු බවට පිළිගත හැකි සහතිකයක්‌. ඒ වගේම ලොව සියලුම රාජ්‍යයන්ට මා හඬ නගා කියන්නේ මින් මතු කිසිම ගැහැනු දරුවකුට, ගැහැනියකට අපට සිදුවූ මේ දේ යළි සිදුනොවීම සඳහා මේ කුරිරු ත්‍රස්‌තයන්ට එරෙහිව එකා මෙන් නැගී සිටිය යුතු බවයි.

නදියා මුරාඩ් ලොව මහත් ගෞරවයට පත් වුවා පමණක්‌ නාව නොබෙල් ත්‍යාගය සඳහාද යෝජනා කර තිබෙනවා.දැනට ඇය ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන අතර  ඇය තම කටුක අත්දැකීම් අළලා The Last Girl නමින් ග්‍රන්ථයක්‌ද 2017 දී ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Facebook Comments

more recommended stories

%d bloggers like this: