Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ඉන්දියාව පෙරමුණෙ – අවසන් තරගයට යන්න ශ්‍රී ලංකාව අනිවාර්යෙන් කලයුතු දේ මෙන්න

නිදහස් කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුනත් තරඟය 8.20 ට ආරම්භ වී කණ්ඩායමට පන්දුවාර 19 ක් ලෙස ක්‍රියාත්මක වූ අතර, මෙම තරඟයේ ජය ඉන්දියාව  නතු කරගැනීමට සමත් විය.

මේ අනුව නිදහස් කුසලානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයටත්, දෙවැනි ස්ථානයේ සිටි ඉන්දීය කණ්ඩායම් පළමු ස්ථානයටත් පැමිණ ඇත. කෙසේ නමුත් මේ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව තේරී පත්වීමට නම් එළඹෙන සිකුරාදා බංගලාදේශය සමග පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

ලබන බදාදා ඉන්දියාව හා බංගලාදේශය අතර පැවැත්වෙන තරඟයේ බංගලාදේශය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර එළඹෙන සිකුරුදා පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් මහා තරඟය පැවැත්වෙනු ඇත.

ලබන බදාදා ඉන්දියාව හා බංගලාදේශය අතර පැවැත්වෙන තරඟයේ බංගලාදේශය ජයගත හොත් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර එළඹෙන සිකුරුදා පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් කණ්ඩායම් තුනම එකම ප්‍රසාද ලකුණු මට්ටමක් ලබා ගනු ඇති අතර, කණ්ඩායම් දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තෝරාගනු ඇත.