“ටොයිටැනික් නැවේ සවාරිය” – කෙටි කතා රාමුවෙන් එහා..!

ඒ 1909 මාර්තු මාසයේ දවසකි. මේ කාලයේ තරුණයන්ගේ එකම බලාපොරොත්තුව උනේ ටොයිටැනික් නැවේ සවාරියක් යාමේ සිහිනයයි.
ඔව් මටත් ඒ හීනය තිබුන.  ඒත් මම කරේ පොල් කඩන එක. එත් දවසක් එක සිදුවීමකින් මගේ ජීවිතේම වෙනස් උනා.

මම මෙතන ඉදන් පටන් ගන්නේ ඒ කතාවයි…

එදා මම පුරුදු විදිහට පොල් කඩල ගෙදර යනගමන් හිටියේ. එකපාර මම ඉස්සරහට වයසක ගැහැනියක් ආව. ඒ මහලු ගැහැණිය මට මෙහෙම කිව්වා. පුතා කැමතිද පොහොසත් වෙන්න. පොල් කඩන මට කොහෙන්ද සල්ලි ආච්චි මම එහෙම කිව්වා. පුතා මම කියන දේ කරන්න. ඔයාව එක රැයකින් පොහොසත් කරනවා මම. එහෙම කියල ඒ මහලු ගැහැණිය මම ලගට ඇවිත් මෙහෙම රහසක් කිව්වා.

“අර පොල්ගහ උඩ නිදානයක් තියනවා. එක අරන් දෙන්න. මහලු මට ගස් නගින්න බැහැ. මට ඕනේ කරන්නේ ඒ නිදානයේ තියන පිත්තල පහන විතරයි. රත්තන් ටික පුතා තියාගන්න. එක අහපු මම තත්පරයක්වත් පරක්කු නොවී පොල්ගහට නැග්ග. දැන් ඉතින් නිදානේ හොයනවා. ඒ මහලු ගැහැණිය පහල ඉදන් මට call කරා. පුතා ඔය මැද වල්ලට පොඩ්ඩක් යටින් තියෙන්නේ. bඅහ හරි මේ තියෙන්නේ නිදානය.

මම එකත් අරන් ඉක්මනට පහලට බහිද්දීම පොල්වත්තේ අයිතිකාරයා කෑගහගෙන එනවා පොල්ලක් අරගෙන. වල් පරයා දවල්ට සල්ලි වලට පොල් කඩල රෑට හොරපොල් කඩන්න ලජ්ජා නැද්ද යකෝ..? අම්මටසිරි අහු උනොත් ගුටි කන්නයි වෙන්නේ. එහෙම හිතපු මම නිධානෙත් අරන් පස්ස නොබලා ගෙදරටම දිව්වා. ගෙදර ආවට පස්සේ තමා මතක් උනේ අර මහලු ගැහැණියව. දැන් ඉතින් මොනවා කරන්නද .පස්සේ දවසක හම්බ උනාම මම පහන දෙනවා . මම නිදානය ඇරලා බැලුව. අම්මෝ රත්තරන් පුරවල. මට දැන් ටොයිටැනික් නැවේ සවාරියක්යන්න පුළුවන්. ගොඩක් සතුටුයි. මම එහෙම්ම එක ඇද යට හැංගුව ,උදේ නැගිටපු ගමන් මම කරේ හාබර් එකට ගිහින් ටොයිටැනික් නැවේ යන්න ටිකට් එකක් ගත්තා.

තව පැයකින් ටොයිටැනික් නැව එනවා. හාබර් එකෙන් එහෙම නිවේදනයක් කරා ,ටික වෙලාවකින් මගේ හීන හැබෑ කරමින් ටොයිටැනික් නැව වරායට අවා. ඒ නැව හිතපු තරම් එචර ලොකුත් නැ ,දැන් ඉතින් මමත් පෝලිමේ ගිහින් නැවට නැග්ග. මම ඉතින් දැන් නැව වටේම ඇවිදිනවා. එහෙම ඇවිදින ගමන් මම නැවේ උඩ තට්ටුව බැලුව ,ගොඩාක් ලස්සන කෙල්ලෙක් මන් දිහා බලාගෙන ඉන්නවා. එයාගේ ඇස් නිල්පාටින් දිලිසුනා. මට එහා පැත්තේ හිටපු පොරගෙන් මම ඇහුව කව්ද ඒ කෙල්ල. ඒ මිනිහ එකපාර කෑ ගහල මෙහෙම කිව්වා .ඒ මම බදින්න ඉන්න ගෑනි යකෝ, මම තම මේ නැව අයිතිකාරයා. මම හෙමිට එතනින් මාරු වෙලා උඩ තට්ටුවට අවා.

අම්මට සිරි උඩ තට්ටුවේ නූඩ්ල්ස් දන්සලක් දෙනවා. මමත් ගිහින් වාඩි උනා. දැන් නැවේ කෝකිය ඇවිත් මගේ පිගානට නූඩ්ල්ස් එක්ක තම්බපු බිත්තරයක් දැම්ම. මම කන්න යද්දීම කව්ද මට කතා කරා. අයියේ මම එහා පැත්තෙන් වාඩි වෙන්නද..? ලස්සන කටහඩක්. මන් දිහා නැවේ උඩ ඉදන් බලන් හිටපු කෙල්ල. ඒ කෙල්ල එහෙම කියල මගේ එහා පැත්තෙන් වාඩි උනා.

ඊට පස්සේ ඒ කෙල්ල මම ලගට ඇවිත් එකපාර මගේ පිගානේ තිබුන බිත්තරේ අරන් දුවන්න ගත්තා. එයි පෙරේති.මගේ බිත්තරේ දීල යනවා .මම එකී පස්සෙන් දුවන්න ගත්තා. අන්තිමේදී එයා නැවේ අන්තිම කොනට ගිහින් හිටගත්තා.

අපේ ආදරේ පටන් ගත්තේ එතැනදී. එය මුහුද දිහා බලන් අත් 2 දිගහැරිය. මමත් පිටිපස්සෙන් ගිහින් අත් 2 දිගහැරිය.
ඔහොම 2න්න මුහුද දිහා බලන් නැවේ ඉස්සරහ ගැට්ට උඩ හිටගෙන ඉද්දි කොහෙද ඉදල ආපු මුහුදු ලිහිණියෙක් මගේ කරට බෙට්ටක් දැම්ම.

ඊයා මම ඇදුම පිහාදන්න හැරෙද්දීම මගේ අත වැදිලා කෙල්ලව මුහුදට වැටුනා. අම්මට සිරි දැන් මොකද කරන්නේ. මම වටපිට බැලුව.

නැවේ කපිතාන් බලන් ඉන්නවා පිටිපස්සේ ඉදන්. උබ මගේ කෙල්ලව මරාගත්ත .එක පිස්සෙක් වගේ මුළු නැවටම ඇහෙන්න කැ ගැහුවා, නැ නැ එක උනේ මේ බෙට්ට නිසා, මම එහෙම කිව්වා. මු එකපාරම මගේ ඇගට පැනල පහරදෙන්න ගත්ත. දැන් අපි 2නනම ගහගන්නවා ,නැවේ මිනිස්සු ඔක්කොම වට වෙලා, එකපාරම ලොකු සද්දයක් ඇහුනා.

“කරුණාකරලා යටත් වෙන්න….ඔස්ට්ට්රලියාවට නීති විරෝධිව බෝට්ටුවෙන් පැමිණි උබලව අපි අත්අඩංගුවට ගන්නවා…

අපේ ටොයිටැනික් නැව ඔස්ට්ට්රලියාවේ පොලිසියෙන් වට කරලා තිබුණ.

ඔහොමයි මගේ ටොයිටැනික් නැවේ කතාව ඉවර උනේ…..!

 

Nishan Jeewana

Facebook Comments

more recommended stories

%d bloggers like this: