“දෙවෙනි ඉණිමට” සුමති සම්මාන කොච්චර හම්බුණත් වැඩක් නැහැ – හේතුව මෙන්න..!

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සුමති සම්මාන රාත්‍රියේදී කොයිතරම් සම්මාන ලැබුණත් එයින් පලක් නැහැ කියලා සමන් එදිරිමුණි කියනවා.සමන් එදිරිමුණි කියන්නේ මේ නාට්‍ය රචකයා…

දෙරණත් එක්ක එකතු වෙලා කළ අත්හදා බැලීමක් විදියට තමයි දෙවෙනි ඉනිම නිර්මාණය වෙන්නේ. ඉන්දියානු නාට්‍ය ලංකාවට ඇවිත් අර්බුදකාරී පසුබිමක් තියෙන වෙලාවක මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් විදියේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න අපිට ඕන වුණා. අපි කරපු “දේදුන්නයි ආදරේ” ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත්තත් එයින් ලොකු පිපිරීමක් ඇති කරන්න බැරිවුණා. දෙරණේ සභාපති ලක්සිරි වික්‍රමගේ, ඒ වගේම චරිත් කොතලාවල, පිටපත ලියන සමන් එදිරිමුණි, මිනිසුන්ගේ හදවත වැලඳගන්න කරපු නිර්මාණය තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

මේ වෙනකොට රේටින්වල දෙවෙනි ඉනිම ඉහල තැනකට ඇවිත් තියෙනවා. ඊටත් වඩා මේ ටෙලි නාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. කිසිම ටෙලි නාට්‍යයකට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැතිව ඇති. ගොඩක් අය ඇබ්බැහි වෙලා මේ ටෙලි නාට්‍ය බලන්න. සිංහල ටෙලි නාට්‍ය නොබලපු නවීන සමාජයේ ළමයිනුත් දැන් මේ ටෙලි නාට්‍ය බලනවා. අපි ඔවුන්ගේ ජීවිතය තමයි ටෙලි නාට්‍යයට දාලා තියෙන්නේ. ඒ වගේම සමාජයේ විද්වත් පිරිසත් මේ නාට්‍ය නරඹනවා.

ටෙලි නාට්‍ය දෙබස්, නාට්‍යයේ නළු නිළියන්ගේ තොරතුරු ගැන පවා සමාජ මාධ්‍යවලින් කතා කරන්න අරගෙන. ඔවුන් ඒ විදියට එය වෙනම රස විඳිනවා. ඒක හොඳ දෙයක්. සිංහල ටෙලි නාට්‍ය කලාව නැතිවෙලා යන යුගයක මේ වගේ නිර්මාණයක් කරන්න ඉඩ සැලසුවාට  ස්තූති කරනවා. ඒ වගේම දෙවෙනි ඉනිම, ප්‍රේක්ෂකයන් මේ විදියට පිළිගත්ත එක ගැනත් සතුටුයි.

ධර්මප්‍රිය, පාලිත, බිමල්, හිමාලි වගේම කේෂාන්, රවීන්, නයනතාරා, ශනුද්‍රි වගේ පරම්පරා දෙකක් නියෝජනය වන ශිල්පීන් මේ නාට්‍යයට සම්බන්ධ කරගෙන තියෙනවා. අපිට ඕන වුණේ නැහැ නිතරම ටෙලි නාට්‍යවල දකින නළු නිළියන්වම පාවිච්චි කරන්න. මම අලුත් ශිල්පීන්ගෙ හැකියාවත් දැනගෙන හිටියා. ඔවුන්ගේ හැකියාව මම සියුම් විදියට පාවිච්චි කළා. ඒ අයගේම තාරුණයයේ ජීවිතය තමයි කතාව ඇතුළේ තියෙන්නේ. රංගන ශිල්පීන්ව, ශිල්පිනියන්ව ඒ ඒ චරිතවලට බස්සලා රඟපාන්න මම නිදහස දුන්නා. මෙතැනදි සමන්ගේ රචනයත් ඉතා වැදගත්. ඔහු හොඳ රචකයෙක්. ඔහු ඇත්තටම අපේ ජීවිතය ලියන්නේ. ටෙලි නාට්‍ය සාර්ථකත්වය පිටුපස්සේ මේ කාරණා සියල්ල තියෙනවා.

Facebook Comments

more recommended stories

%d bloggers like this: