ලබන 18 වනදා සිට ට්‍රැෆික් නිසා වෙනස් වෙන ඔෆිස් ටයිම් මෙන්න..!

උදෑසන රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක වේ.

රජයේ කාර්යාල රැසක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව මුලින්ම ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ උදෑසන 7.30 සිට 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට ඉඩ ලැබේ.

එමෙන්ම ඔවුන් පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකිය.

කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කර සිටියි.

ට්‍රැෆික් නැතුව ඔෆිස් යන්න හැම ගෙදරටම ඩ්‍රෝන් එකක්..!

කිසිදු අවහිරයකින් තොරව ගමන් බිමන් යාම සඳහා තනි පුද්ගලයෙකුට ගමන් කල හැකි ඩ්‍රෝන යාත්‍රාවක් ඩුබායි රාජ්‍යය නිපදවා තිබේ. මෙම ඩ්‍රෝන යාත්‍රා ප්‍රථමයෙන්ම භාවිතා කරනුයේ ඩුබායි රාජ්‍යයි.

පැයට කිලෝමීටර 120 වේගයකින් ගමන් කල හැකි මෙම ඩ්‍රෝන් යානය එක්වරක් ආරෝපණය කල පසු කිලෝමීටර 50 ධාවනය කල හැකි බැටරියකින් සමන්විතය.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: