Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

හිසකෙස් වැටීම වලකන, ඖෂධීය ගුණ ඇති තෙල් වර්ග 5ක් මෙන්න..!

විවිධ ජානමය තත්වයන්, ජීවන රටාවේ විවිධ වෙනස්කම්, අහාර පාන සහ හිසකෙස් සඳහා සිදු කරනු ලබන විවිධ සත්කාර ක්‍රමයන් නිසා හිසකෙස් වැටීම ඇති වනවා.

හිසකෙස් වැටීම ස්වභාවික කරුණක් වුවත් හිසකෙස් වැටීම කෙරෙහි බලපාන කරුණු අධ්‍යයනය කර හිසකෙස් වැටීම පාලනය කිරීම සඳහා විවිධ පියවර අනුගමනය කරන්නට පුළුවන්.

හිසකෙස් සඳහා පෝෂණ ගුණය ලබා දෙන ඖෂධීය ගුණයක් ඇති ස්වභාවික තෙල් වර්ග පහක් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ.

පොල් තෙල්
හිසකෙස් වැටීම වැලැක්වීම සඳහා භාවිතා කල හැකි සාර්ථකම තෙල් වර්ගයක් ලෙස පොල් තෙල් හඳුන්වා දෙන්නට පුළුවන්. පොල් තෙල් හිසෙහි ආලේප කිරීම මගින් හිසේ තතමනය නිසි ලෙස ආරක්‍ෂා කර හිසකෙස් වලට සිදුවන හානිය වලකා හිසකෙස් සවිමත් කිරීම සිදු කරනු ලබනවා.

පොල් තෙල් තුල අන්තර්ගත වන ලෞරිc අම්ලය මගින් හිස්කබල මත ඇතිවන වෙනත් ආසාදන තත්වයන්ගෙන්ද ආරක්‍ෂාව සලසන අතර වෛරස, බැක්ටීරියාවන් සහ දිලීර ආදිය නැසීමද සිදු කරනු ලබනවා.

අනුගමනය කල යුතු පියවරයන්

රත්කරගත් පොල් තෙල් සෑම දිනකම හිසේ ආලේප කරන්න. සතියකට වරක් රත්කරගත් පොල් තෙල් හිසේ ආලේප කර හිස හොඳින් සම්භාහනය කරන්න. පැයක් හෝ දෙකක් සිට මෘදු ෂැම්පු වර්ගයක් භාවිතාකර හිස හොඳින් සෝදා හරින්න. පසුව පොල් තෙල් ස්වල්ප ප්‍රමාණයක් හිසේ ආලේප කර හිසකෙස් සඳහා අවශ්‍ය වන තෙතමනය රැක ගන්න.

ආමන්ඩ් තෙල්
සුමුදු සහ මෘදු තෙලක් වන ආමන්ඩ් තෙල් විටමින් ඪ්, විටමින් E සහ කැල්සියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත් වනවා. ආමන්ඩ් තෙල් හිසකෙස් මත ආලේප කිරීම මගින් හිසකෙස් සඳහා අවශ්‍ය තෙතමනය ආරක්‍ෂාවී හිසකෙස් සවිමත්ව වර්ධනය කර හිසකෙස් වැටීම වළක්වනවා.

කෙසේ වෙතත් ඔබ ඇට වර්ග වලට ආසාත්මිකතාවයක් දක්වනවා නම් ආමන්ඩ් තෙල් භාවිතා කිරීමෙන් වැලකි සිටින්න.

*අනුගමනය කල යුතු පියවරයන්

ආමන්ඩ් තෙල් ස්වල්පයක් විනාඩි කිහිපයක් රත්කර ගන්න. රත්කර ගත ආමන්ඩ් තෙල් හිසේ ආලේප කර මෘදුව අතුල්ලන්න. රැයක් පහන් වන තුරු සිට පසුදා උදෑසන මෘදු ෂැම්පු එකක් භාවිතා කර හිසකෙස් සෝදා ගන්න.

ඔලිව් තෙල්
ඔලිව් තෙල් තරමක් මිලෙන් අධික වුවත් හිසකෙස් සඳහා ඔලිව් තෙල් භාවිතා කිරීමෙන් හිසකෙස් වලට අවශ්‍ය කරන තෙතමනය නිසි ලෙස ආරක්‍ෂා කර හිසකෙස් වල වර්ධනයට අවශ්‍ය කරන නිසි පෝෂණ ගුණය සපයා ගන්නට පුළුවන්. හිසකෙස් වල වර්ධනයට අත්‍යාවශ්‍ය වන විටමින් E සහ මොනෝසැකරයිඩ මේද අම්ලයන් ඔලිව් තෙල් මගින් සැපයෙන නිසා ඔලිව් තෙල් හිසකෙස් සඳහා භාවිතා කිරීම වඩාත් ඵලදායී වනවා.

*අනුගමනය කල යුතු පියවරයන්

ඔලිව් තෙල් ස්වල්පයක් රත්කර ගන්න. රත් කර ගත් ඔලිව් තෙල් හිසකෙස් මත ආලේප කර සෙමින් සම්භාහනය කරන්න. විනාඩි 30-45 අතර කාලයකින් පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර හිසකෙස් සෝදා ගන්න.

එඬරු තෙල්
එඬරු තෙල් තුල අන්තර්ගත වන රිcඉනොලේc අම්ලය සතු දිලීර නාශක බලය, බැක්ටීරියා නාශක බලය සහ වේදනා නාශක බලය මෙන්ම එඬරු තෙල් සතු විටමින් E තුල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක බලය නිසා හිසකෙස් වැටීම වළක්වා හිසකෙස් වර්ධනය කර ගැනීමට භාවිතා කරන්නට පුළුවන්.

*අනුගමනය කල යුතු පියවරයන්

එඬරු තෙල් හිසේ ආලේප කර හිසකෙස් පුරාවටම තැවරෙන ආකාරයට සම්භාහනය කරන්න. පැය දෙකක පමණ කාලයක් සිට හිසකෙස් සෝදා පිරිසිදු කර ගන්න. ඔබ භාවිතා කරන එඬරු තෙල් ඝනත්වයෙන් වැඩි නම් එයට පොල් තෙල් ස්වල්පයක් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර භාවිතයට ගන්න.

ළවෙන්ඩෙර් තෙල්
ළවෙන්ඩෙර් තෙල් ලේඩියන් සහ උකුණන් මර්ධනය කිරීම සඳහා වඩාත් ඵලදායී වනවා. ළවෙන්ඩෙර් තෙල් හිසේ ආලේප කිරීම මගින් හිස්කබල වෙත සිදු වන රුධිර සංසරණය වේගවත් කර හිස් කබලේ ඇතිවන බැක්ටීරියා ආසාදනයන්ට සුවය සලසා හිසකෙස් සෞඛ්‍යය සම්පන්න කර ගන්නට පුළුවන්

*අනුගමනය කල යුතු පියවරයන්

ළවෙන්ඩෙර් තෙල් ස්වල්පයක් සමග පොල් තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා හිසේ ආලේප කරන්න. නැවුම් ළවෙන්ඩෙර් තෙල් නිවසේදීම සකස් කර ගැනීම සඳහා වීදුරු බෝතලයක් ගෙන එයට ළවෙන්ඩෙර් කිනිති කිහිපයක් එක්කර මාසයක් පමණ අඳුරු ස්ථානයක තබන්න.

මෙසේ සකස් කර ගත් තෙල් ස්වල්පයක් ගෙන දිනපතා හිසේ ආලේප කර සම්භාහනයක්ද සිදු කර රැයක් පහන් වන තුරු තබන්න. පසුදා උදෑසන ශාකසාර අඩංගු වන ෂැම්පු වර්ගයක් භාවිතා කර හිසකෙස් හොඳින් සෝදා පිරිසිදු කරන්න.

හිසකෙස් වැටීම වැළක්වීමට සහ හිසකෙස් වල සෞඛ්‍යය සම්පන්න වර්ධනයක් ඇතිකර ගැනීමට ඖෂධීය ගුණ ඇති තෙල් වර්ග දිනපතා භාවිතා කරනවා මෙන්ම විටමින් සහ ඛනිජ වලින් පොහොසත් සෞඛ්‍යය සම්පන්න සමබල ආහාර වේලක්ද අනුගමනය කරන්න.

මානසික ආතතිය දුරු කිරීමෙන්ද හිසකෙස් වල විශිෂ්ඨ වර්ධනයක් ඇති කර ගන්නට පුළුවන්.

මෙය ඔබේ මිතුරන්ට බලන්න ෂරෙ කරන්න