පේරාදෙනියේ රැග් මැරයන් සිසුන්ට තඩි බාලා – සිසුන් දෙදෙනෙකු රෝහලේ .!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල සිදුවන නවක වදය පිළිබදව නිරතුරුවම ප්‍රවෘත්ති පළ වනවා. සරසවියට ඇතුලත් වන නවක සිසුන්ට අමානුෂික ලෙස කායික මෙන්ම මානසික හිරිහැර කිරීම් පිළිබද පුවත්ද ඒ අතර වනවා.

මේ අතර නවක වදයට විරුද්ධව සරසවි සිසුන් ක්‍රියා කළ විට ඔවුන්ට පහර දීම සහ හිරිහැර කිරීමට තරම් මෙම නවක වද මාෆියාව සරසවි තුලට මුල් බැස ගෙන අවසන්.

එලෙසින් නවක වදයට විරුද්ධ සිසුන් කණ්ඩායමකට , තවත් සිසුන් කණ්ඩායමක් පහර දීමේ පුවතක් ඊයේ දින (15) පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙනවා. මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

නවක වදයට පක්ෂ යැයි කියන කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් ඊයේ (15) දහවල් විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසුන්ට මෙලෙස පහර දී තිබෙන බව සදහන්.

විශ්වවිද්‍යාලයේ රග්බි ක්‍රීඩාංගණය අසල විද්‍යාපීඨ සිසුන් පිරිසක් රැඳී සිටින විට 25ක පමණ කළමනාකරණ පීඨ සිසුන් පිරිසක් එහි පැමිණ පහරදීම සිදුකර තිබේ. පැය භාගයකට ආසන්න කාලයක් මේ ගැටුම පැවැති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ගැටුමට සම්බන්ධ සිසුන් හඳුනා ගැනීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණයක් දියත් කොට ඇති අතර උපකුලපතිවරයාගෙ  උපදෙස් පරිදි විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඟින් මේ පරීක්ෂණය ආරම්භ කොට තිබේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: