නිතිය හා සාමය නව රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි..!

පියසේන ගමගේ මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඉකුත් සතියේය.

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ චෝදනාව මත මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියගේ පුරප්පාඩුව පිරවීම සඳහා පියසේන ගමගේ මහතාට එම මන්ත්‍රී ධුරය හිමි විය.

එලෙස පාර්ලිමේන්තු මන්ත්රිධුරය හිමිවූ පියසේන ගමගේ මහතාට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසඅද පත් කර තිබේ.

ඒ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ද්විත්ව පුරවැසි භාවය නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්තී‍්‍ර ධුරය අහිමි වීමත් සමගම යළි පාර්ලිමේන්තු වරම් හිමිවූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියසේන ගමගේ මහතා පැවසුවේ ජනතාවගේ ජයඝෝෂා මැද තම නිජ භුමිය වන නෙළුව ප‍්‍රදේශයේ පැවැති පිළිගැනීමේ උත්සවයකදී ඉකුත් සතියේ මෙසේ පවසා තිබුනේය.

“මට සමහරු චෝදනා කරනවා අනුන්ගේ බත් පංගුව උදුරාගෙන කනවා කියලා. නමුත් උදුරාගෙන කෑවේ හිනිදුම ජනතාවගේ බත් පංගුවයි.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇති භුමි ප‍්‍රමාණයෙන් විශාල ප‍්‍රාදේශීය සභා 4ක් තිබෙන මැතිවරණ කොට්ඨාසය හිනිදුමයි.

මේ පළාතට පසුගිය අවුරු දෙකයි මාස දෙකකට කිසිම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හිටියේ නැහැ.අවුරුදු 39ක් තුළ මා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ ප‍්‍රදේශයට විශාල සංවර්ධනයක් කළා.

පාරවල් හැදුවා. පාලම් හැදුවා. ලයිට් දුන්නා. රස්සා දුන්නා. මොනවද නොකළේ. පහුගිය අවුරුදු කිහිපය තුළ මේ කිසිවක් සිදුවුනේ නැහැ.ලයිට් කණුවක බල්බ් එකක්වත් පත්තු වුණේ නැහැ.මේ නැවතී ගිය සංවර්ධන කටයුතු නැවතිලා තියෙන තැනින් නැවතත් ආරම්භ කරන්න මට තමුන්නාන්සේලාගේ සහය ඕනෑ.

දුකේදීත් සැපේදීත් මා අත්හැර නොගිහින් මා සමගම සිටි ජනතාව මට කිසිදාක අමතක වන්නේ නෑ.”

Facebook Comments

more recommended stories

%d bloggers like this: