Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

“අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැන මම දන්නෑ..! – රනිල් මැතිසබයේදී කිව්ව හැටි..!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිටින තැනක් තමා නොදන්නා බව, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මහ පරිමාණ මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් චෝදනා ලැබ විදෙස් රටවල ජිවත්ව සිටින අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග, සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඇත්ද? ඒ පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරවීමේ වගකීම ආණ්ඩුවක් වශයෙන් භාර ගන්නේද යන්න මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා. එයින් එක් කෙනෙකු අගමැතිවරයාගේ හිතවතෙක් වන අතර අනෙක් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ හිතවතුන් බැවින් ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒමේ වගකීම ඔවුන්  බවද මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති රනිල් වීක්‍රමසිංහ මෙහිදී කියා සිටියේ හිටපු මහ බැංකු අධිපතිවරයා තමන් යටතේ වැඩකරන සමයේදී ඔහු රටින් පිටව යන මොහොතේ තමන්ට දැන්වූ බවත් සේවයෙන් ඉවත්ව ගිය පසු තමන් හා ඔහු අතර කිසිදු සම්බන්ධකමක් නොතිබූ බවයි.

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ දී අද වාද විවාද ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතරයි.

මෙහිදී සිංගප්පුරු ගිවිසුම සම්බන්ධයෙන් වගකිවයුතු අංශ මෙම ගිවිසුම පිලිබඳ දීර්ඝ ලෙස සොයා බැලු බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත සියලු කටයුතු සිදුකරන බවයි. මෙහිදී බන්දුල ගුණවර්ධන කියා සිටියේ දෙපාර්ශවයටම වාසි සහිත ගිවිසුමක් නම් මෙලෙස විරෝධතා එල්ල නොවන බවයි. එයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සිංගප්පුරුවට අවශ්‍ය නෑ මෙරටට වෘත්තීය වේදීන් ඒවීමට සහ මෙරටින් එරටට යැවීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි.

ගිවිසුමේ ඇති ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මෙහිදී පැහැදිලි කළා.

මෙම ගිවිසුම යටතේ සිංගප්පුරුවේ සමාගමකට මෙරටට පැමිණ ශ්‍රමිකයින් ගෙන්වීම සදහා ආයතන පිහිටුවීමේ හැකියාවක් පවතින බව මෙහිදී මන්ත්‍රීවරයා අගමැතිවරයාට පෙන්වා දුන්නා.

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට සූදානම් බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළා.