ප්‍රමෝද්‍ය හෙළි කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් පහුගිය තරඟ පාවදුන් හැටි මෙන්න..! (VIDEO)

1996 ලෝක ශූර ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මාධ්‍යයට පැමිණ කියූ කතාවක් ක්‍රිකට් රසිකයන් අතර මහත් කතාබහට ලක්ව තිබේ. එහිදි ප්‍රමෝද්‍ය කියා සිටින්නේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කළ සිදු වූ ඇතැම් සිදුවීම් කිහිපයක් පිළිබදව වන අතර එම සැක සහිත සිදුවීම්  පිළිබදව ප්‍රමෝද්‍ය පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා ලැබූ පරාජයන් නිරීක්ෂණයේ දී අසාමාන්‍ය, අස්වාභාවික සිද්ධීන් රැසක් දක්නට ලැබෙන බවයි එහිදී ප්‍රමෝද්‍ය වැඩි දුරටත් කියා සිටියේ .සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගයකදී වූ සිද්ධියක් මෙන්ම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ප්‍රතිපල ලැබෙන තරගයකට මුහුණ දුන් අවස්ථාවක වූ සිද්ධියක් ද ඔහු මෙහිදී සිහිපත් කළා. කණ්ඩායම් රැස්වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණීමේ අවස්ථාවක් හා දඹුල්ලේ ක්‍රීඩා කළ කණ්ඩායමක් කොළඹින් තෝරා යැවූ අවස්ථාවක් ඔහු කියා සිටි අතර

ප්‍රමෝද්‍ය ප්‍රකාශ කලේ

“සිම්බාබ්වේ තරගාවලියේ එක්තරා ටීම් මීටිං එකකට පිටස්තර පුද්ගලයෙක් ටීම් මීටිං එකකට ගෙනල්ලා තියෙනවා,
හම්බන්තොට තරගයක අපේ හොද පාර්ට්නර්ශිප් එකක් යනවා ලකුණු දෙසීයක විතර (සිවුවෙනි එක්දින තරගයේ ආරම්භක කඩුල්ලේ සබදතාවය) එතකොට එක්තරා අදිසි හස්තයක් ක්‍රීඩාගාරයෙන් පිටත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එක්ක සාකච්ඡා කරනවා, ඊට පස්සේ ඒ පුද්ගලයා ඇවිල්ලා පෑඩ්ස් දාගෙන පන්දුවට පහාර දෙන්න ගිහිල්ලා තියෙනවා, කණ්ඩායමේ පුහුණුකරු හෝ කළමණාකරු මේ පිළිබදව දන්නේ නෑ. ඊට පස්සේ බැලුවහම ලකුණු 350ක් ගහන්න තිබුනු එක කණ්ඩායමේ රේට් එක අඩු වෙනවා.
ඊළගට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට තිබුනු තරගයක පන්දුවාර ගණන අඩු කරනවා,
අපේ නොම්මර එකේ පන්දු යවන්නට පන්දුවාර තුනක් ඉතිරි වෙලා තියෙනවා, තරගය ඕවර් අටෙන් අපි පරදිනවා” ලෙසය.

කෙසේ වෙතත් ප්‍රමෝද්‍යගේ හෙළිදරවූ පිළිබදව සමාජජාලා වල ක්‍රිකට් රසිකයන් අතර මහත් කතාබහක් ඇතිව තිබෙන දැක ගත හැකියි.

more recommended stories