නිව්යෝක් නුවරදී ජනපතිගේ පැහැදිළි කිරීමෙන් පසු හුසේන් කුමරු ජනපතිට කිව්ව දේ..! (VIDEO)

ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන බවත්, මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමුවේ ප‍්‍රකාශ කළා.

මෙම පියවර ගැනීමේ දී හදිසියේ කටයුතු කිරීමෙන් අන්තවාදි පිරිස් වෙත අනවශ්‍ය වාසියක් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවේ ඇතුළත් කරුණු සම්පූර්ණ කිරීමට වසර දෙකක කාලයක් තම රටට ලැබී ඇති බවත්, ශී‍්‍ර ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැක ගැනීමට ඉදිරි වසරේ දී ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් මහකොමසාරිස්වරයාට ආරාධනයක් ද සිදු කළා.

ඊයේ (22) පස්වරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී මෙම හමුව සිදුවුණා.

මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති පියවර මෙහිදී මහකොමසාරිස්වරයාට පැහැදිලි කළ ජනාධිපතිතුමා, මෙම සියලූ දේ කළ යුත්තේ රටේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතික සාධක පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව බව ද පෙන්වා දුන්නා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයට මෙම සංචාරයට පෙර තමන් අත්සන් තැබූ බවත්, එහි කටයුතු සකී‍්‍රයව ඉදිරියට යනු ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කටයුතු කොට ඇති බව ද සඳහන් කළා.

ආරක්ෂක හමුදා භාරයේ පැවති නැගෙනහිර පළාතේ සියලූ ඉඩම් මේ වන විට නිදහස් කොට ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, උතුරේ ඉඩම් වලින් ද සැලකිය යුතු ප‍්‍රමාණයක් මේ වන විට නිදහස් කොට ඇති බවත්, ඉතිරිය පරිපාලන ගැටලූ විසඳමින් ක‍්‍රමිකව ජනතාවට පැවරීමට කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන්නා.

ශී‍්‍ර ලංකාව මෙම කරුණු සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව මෙහිදී සඳහන් කළ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප‍්‍රගතිය අත්කරගැනීම වෙනුවෙන් යන ගමන තවත් වේගවත් වන්නේ නම් සතුටු වන බව සඳහන් කළා.

එසේම අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට ගත් පියවර අගය කළ හුසේන් කුමරු ඊට අදාළ පත්කිරීම් සිදුකිරීමේදී සියලූ ජන වර්ගවලට පිළිගතහැකි ආකාරයෙන් පත්කිරීම් සිදු කරන ලෙස ද ඉල්ලා සිටියා.

එසේම මෙම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ශී‍්‍ර ලංකාවට උපරිම සහාය දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කළා. (ඉහත ඡායාරූපය – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි ජනාධිපතිතුමා සංචාරය අතරතුරදී)

Facebook Comments

more recommended stories

%d bloggers like this: