මත්පැන් චක්‍රලේඛය ගැන නිලධාරීන් කරුණු වසන් කරලා,ජනාධිපති දන්නේ අද,හෙට සිට නවත්වන්න නියෝගදෙයි..!

මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්තාව ලබා දී තිබෙන පුවත අප ඔබට බොහොමත්ම සංවේගයෙන් වාර්තා කලා මතක ඇති. මේ පිළිබඳා විස්තර දිගින් දිගටම අප වාර්තා කලේ හුදෙක්ම කිසිඳු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව වන අතර අපේ රටේ සුරාව නිසා විනාශ වන පවුල් වල තත්වය දිනෙන් දින ඇස් ඉදිරිපිට අත් දකින බැවිනි.

එම ගැසට් නිවේදනය බලාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීම හා මත්පැන් මිළදී ගැනීම සඳහා තිබූ තහනම ඉවත්ව යනවා. එමෙන්ම සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘතව සහ වසා තැබෙන වේලාවන් සංශෝධනය කරමින් සුරාබදු ආඥා පනත යටතේ නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදේශ මත්පැන් තැබෑරුම්, රා තැබෑරුම්, සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල්, සිනමා ශාලා බලපත්‍ර ස්ථාන මෙන්ම, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන ඇතුළු මත්පැන් අලෙවි මධ්‍යස්ථාන බලපත්‍ර 17 කට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ. නව සංශෝධනයට අනුව, විදේශීය මත්පැන් තැබෑරුම් පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වාත්, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන පෙරවරුවේ 8 සිට රාත්‍රී 10 දක්වාත්, විවෘතව තැබිය හැකි බවටයි නීති සැකසී තිබුනේ.

එහෙත් රටේ අවාසනාවකට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන සහ වගකිවයුතු සමාජ මාධ්‍ය ජාලා පමණක් නොව ජනාධිපති කාර්යාලයේ ඇතැම් වගකිවයුතු නිලධාරීන් පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘත කිරීම හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ විකිණීම සම්බන්ධයෙන් පැවති නීති ලිහිල් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනුත් කරුණු වසන් කර ඇති බව අද පැවති ජනහමුවකදී හෙළි වූවේය.

අපේ රට වෙබ් අඩවියද ප්‍රකාශ කල අන්දමින් ජනාධිපතිවරයාද බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාවගේ පැත්තේ සිට ගනිමින් තමාගේ “මතට තිත” ජාතික  ප්‍රතිපත්තියට මෙම නීති පටහැනිව ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය එල්ල කරමින් ප්‍රකාශ කලේ මෙම චක්‍රලේඛය හෙට දිනම අහෝසි කිරීමට තමන් නියෝග දෙන බවයි.

අගලවත්තේ පැවති ජනහමුවකදී මේ පිළිබඳව අදහස් පල කල ජනාධිපතිතුමා සඳහන් කලේ, සාධාරණ සමාජයක් පිළිබඳ කතා කරනවා සේම සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රිය අනතුරක් සම්බන්ධයෙන් තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තමන් පොලිසිය සමග එක් වචනයක් වත් කථා නොකළ බව ද පැවසීය. මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ, අගමැතිවරයෙකුගේ නොව ඇමතිවරයෙකුගේ ද සහෝදරයෙකු රිය අනතුරක් පිළිබඳ සිරභාරයට පත්වූවානම් ඒ තම සහෝදරයා පමණක් බවද කියා සිටියේය.

‘හෙළ බොදු සවිය’ නමැති සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්, “ඇමති මංගලගේ අවමංගල නීති සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන රටේත් ජාතියේත් අනාගත පරපුරෙත් හෙට දවස ගැන සිහිනුවණින් සිතා සාදාචාර සමාජයක් උදෙසා කටයුතු කරන්නැයි” ඉල්ලා තිබේ. ඒ අතර සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමති මංගලගේ මෙම ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් “කාන්තාවන් මත්පැන් සඳහා ඇබ්බැහි වුවහොත් මුළු මහත් ජාතියකට අබ සරණයි” යයි පැවසුහ.

එමෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: