Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

දුර අහසේ නම රැන්දූ ලංකා පුත්‍රයෙක් – මහාචාර්ය රේ ජයවර්ධන

ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන කෝර්නෙල් විශ්ව විද්‍යාලයේ විද්‍යා සහ කලා අංශයේ 22 වැනි පීඨාධිපති ලෙස ශ්‍රී ලංකිකයෙකු වන සුප්‍රකට තාරීය භෞතික විද්‍යාඥ මහාචාර්ය රේ ජයවර්ධන මහතාව තේරී පත් වී තිබෙනවා.

ඊට ප්‍රථමයෙන් ටොරොන්ටෝහි යෝක් විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ඉසිලූ ඔහු වෙනත් සෞර ග්‍රහ මණ්ඩල වල සම්භවය සහ ග්‍රහලෝක විවිධත්වය පිළිබඳවත්, ඒවායේ ජීවය පැවතීමේ ඉඩ ප්‍රස්තාව පිළිබඳවත් පර්යේෂණ රැසක නිරත වෙනවා.

මේ වසරේ සැප්තැම්බර් පළමුවැනිදා සිට ඔහු තම නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ උපත ලබා හැදී වැඩුණු රේ ජයවර්ධන, ඔහුගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ ඔහු තම විද්‍යාවේදී ප්‍රථම උපාධිය ලබා ගත්තේ යේල් විශ්ව විද්‍යාලයෙන්. ඉන්පසුව 2000දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් සිය විද්‍යා දර්ශනපති (Ph.D) උපාධිය ලබා ගැනීමට ඔහු සමත් වුණා. බර්ක්ලි සහ මිචිගන් විශ්ව විද්‍යාල වල පර්යේෂකයෙක් සහ සහකාර මහාචාර්යවරයෙක් ලෙස ඔහු සේවය කර තිබෙනවා.

හාවඩ් සරසවියේ ඉගෙන ගන්නා කාලයේදී ජයවර්ධන මහතා තරුණ තාරකාවක් වටා පැවති දුහුවිලි වළාවක් සොයාගත්තා. එහි මධ්‍යයේ සිදුරු ඇති වී තිබුණේ අලුතින් උපන් ග්‍රහලෝක වල පරිභරමණය නිසා බවයි ඔහු ප්‍රකාශ කළේ. 2008දී ඔහු සහ ඔහුගේ කණ්ඩායම පිටසක්වළ සාමාන්‍ය ප්‍රමාණයේ තාරකාවක් වටා පැවති ග්‍රහලොවක සෘජු ඡායාරූප ගැනීමට සහ වර්ණාවලිය නිරීක්ෂණය කිරීමට සමත් වුණා.

විද්‍යා ලෝකයේ දැනුම සොයනවාට අමතරව විද්‍යා දැනුම සාමාන්‍ය මහජනයාට සමීප කරවීමටත් මහාචාර්ය රේ ජයවර්ධන කටයුතු කර තිබෙනවා. ඔහු විසින් රචනා කර ඇති “නියුට්‍රිනෝ හඹායන්නෝ” – Neutrino Hunters සහ “අමුතු ලෝක” – Strange New Worlds ලොව පුරා පාඨකයන් අතර ප්‍රචලිත වී තියෙනවා. මේ හැරෙන්න ඔහු විද්‍යා ජර්නල වල පළ වී ඇති ලිපි 250කට අධික ප්‍රමාණයක සහ-කර්තෲ ලෙසද සහභාගී වී තියෙනවා.

තමා ලද අවස්ථාව ඉතා නිහතමානීව සහ උද්‍යෝගයෙන් භාර ගන්නා බවත් තාර්කික චින්තනයකින් යුතු කාර්යශූර නව පරපුරක් ගොඩ නැගීමට තමාට හැකි අයුරින් සහාය වන බවත් මහාචාර්ය රේ ජයවර්ධන පවසා තිබුණා.

ඔහු ලත් මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් ලෙස අපටත් ආඩම්බරයක්. ඒ ආඩම්බරයත් සමග අපිත් මහාචාර්යවරයාගේ ඒ අධිෂ්ඨානයට එක සිතින්ම සුබ පතමු.