Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

බංග්ලාදේශයේ බලශක්ති සැපයුම අපේ රටේ ඉංජිනේරුවන් යටතට..!

බංග්ලාදේශයේ විදුලි බල සැපයුම වඩාත් විධිමත් අයුරින් පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත ලක්දනවි සමාගමට හිමිවී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට බංග්ලාදේශය පුරා බලාගාර 8ක් හරහා ලක්දනවි සමාගම විසින් එරට බලශක්ති ඉල්ලුම සපුරාලමින් සිටින අතර තවත් එක් බලාගාරයක් ඉදිකිරීමට නියමිතව තිබේ.

ලක්දනවි සමාගම විසින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක කර ඇති බලාගාර හරහා නිපදවන පූර්ණ බලශක්ති ධාරිතාවය මෙගාවොට් 860 කි.

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීක සමාගමක් වන ලක්දනවි සමාගම දේශීය ඉංජිනේරුවන්ගේ දැනුමෙන් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. බංග්ලාදේශයේ මෙන්ම තවත් රටවල් රැසක ඔවුන් විසින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ හරහා රුපියල් මිලියන ගණනක විදේශ විනිමයක් ශ්‍රි ලංකාව වෙත උපයාදීමට ඔවුන් සමත්වී තිබේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් සහ මෙහෙයුම් වගකීම දරන්නේද ලක්දනවි සමාගමයි. මෙරට විදුලි බල ඉල්ලුම කාර්‍යබහුම අවස්ථාවන්හිදී සාර්ථකව කළමණාකරනය කිරීමට යුගදනවි බලාගාරය විශාල දායකත්වයක් සපයනු ලබන අතර එය මෙරට ඉදිකර ඇති පෞද්ගලික අංශය සතු විශාලතම බලාගාරය මෙන්ම මෙහෙයුම් ක්‍රියාවලියේදී විශ්වාසදායකම බලාගාරයද වේ.

මෙරට ඉංජිනේරුවන්ගේ දැනුමෙන් දකුණු ආසියාවම ආලෝකමත්වීම ශ්‍රී ලාංකීකයින් වශයෙන් අප සියලු දෙනාටම ආඩම්බර විය හැකි කරුණකි.