පුබුදු – නිමාෂා විවාහයට සැරසෙයි..! (photo)

ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ නිමාෂා සිරිවර්ධන අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියන එක දැන්නම් රහසක් නෙමෙයි. වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ තුලින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි නිමාෂා පුබුදු චතුරංග එක්ක මේ අවුරුද්දෙදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.

නිමාෂාට පුබුදු හමුවුන ආකාරය ගැනත් ඇය කියලා තිබුනා.

“මම පාසලෙන් ඉවත් වුණ වර්ෂයට පසු වර්ෂයේ පාසලේ තිබුණා උත්සවයක් ඒකට ආරාධිත අමුත්තා විදිහට ආවේ පුබුදු අයියා. මගේ හිසට කිරුළු පැළදුවේ පුබුදු අයියා. එදා පාසලේ ගොඩක් අය එයත් එක්ක ඉදලා ෆොටෝස් ගත්තා. මට ගන්න පුළුවන් වුණේ එක ෆොටෝ එකයි. කොහොම හරි එදා ඒ සිද්ධිය ඉවර වුණා. නමුත් අපි යාළුවෝ වගේ කතා බහ කළා.

අපේ යාළුකම ගොඩක් දුරදිග ගියා. එයා අපේ ගෙදර ආවා. අපේ ගෙදර හැමෝටම එයාට ගොඩක් ආදරෙයි. අපි දෙන්නා හදුනාගෙන දැන් අවුරුදු පහක් වෙනවා. දවසක් පුබුදු අයියා අපේ අම්මාට එයාගේ අදහස කියලා තිබුණා. අපේ ගෙදරින් අකමැත්තක් නැහැ. එයා එයාගේ දෙමාපියන්ටත් කිව්වා. ඒ දෙමාපියන් පවා කැමති වුණා. නමුත් අයියා මගෙන් ඇහුවේ ඊට පස්සේ. දවසක් එයාගේ යාළුවෝ ටිකක් එක්ක මමත් මගේ ගෙදර අයත් පුබුදු අයියත් කළුතර බෝධියට ගියා.

අයියා බෝධිය ළගදි තමයි “මට ආදරෙයි” කියලා කිව්වේ. ලස්සන වචන ටිකකින්. මම මලක් පුජා කරන ගමන් හිටියේ. මම හිටපු ඉරියව්වෙන්ම හිටියා පුදුම වෙලා වගේ. එයා කිව්වා “කවදා හරි අපි දෙන්නා බැදලා මේ බෝධිය ළගටම එන්න ලැබෙන්න කියලා එයා ප්‍රර්ථනා කරනවා “කියලා. මම මොකුත් නොකියාම එතැනින් ගියා. එදා දවස ඉවර වුණාට පස්සේ මගේ කැමැත්තත් එයාට කිව්වා. ටික දවසකට පස්සේ. ඒ විදිහට තමයි අපේ ආදරේ පටන් ගත්තේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: