රටම නොමග යවා රංගේ බණ්ඩාර විල්පත්තුවට කරන හානියේ සුල මුල සාක්ෂි සහිතව මෙන්න..! (PHOTO)

යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ චායරූප සමග තමන්ගේ ද චායාරූප යෙදු නාම පුවරු ප්‍රදර්ශනය කරමින්, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂක කලාපයට අයත් වෙලරබඩ තීරයේ පිහිටි පැරණි පුක්කුලම ගම පෙන්වමින් ඇමති පාලිත රංගේබණ්ඩාර විසින් නිවාස සහ මාර්ග සැදීමේ කටයුත්තක නිරත වෙමින් සිටී.

පුක්කුලම යනු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල, එළුවන්කුලම පිවිසුමේ සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් පිහිටි වෙරළබඩ ධීවර ගම්මානයකි. කල්පිටිය, පුත්තලම වැනි ප්‍රදේශ වල සිට වාරකන් නොමැති කාලයට එම ගම්මානයට පැමිණ තාවකාලික වාඩි සාදාගෙන ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් වාරකන් කාලයේදී නැවතත් තම සුපුරුදු ගම්බිම් වෙත ගියහ. ස්ථිර නිවාස කිහිපයක් හා කතෝලික පල්ලියක් ස්ථිර ගොඩනැගිලි ලෙස තිබුනද ඒවා පවා මිනිසුන් භාවිතා කළේ අවුරුද්දකට මාස 6ක් පමණ කාලයකි. ගොඩබිම් මාර්ග වලින් එම ගම්මානය වෙත පැමිණීමට නොහැකි වූ අතර මුහුදු මාර්ගයෙන් කල්පිටියේ සිට ධීවරයින් ඒ වෙත පැමිණුනි.

කාලයත් සමගම 30 වසරක යුද්ධය පැවති සමයේදී බොහෝ ධීවරයින් පුක්කුලමේ ධීවර කටයුතු වලින් ඉවත් වී සිටි නමුත් යුද්ධය අවසන් වූ පසු නැවතත් කෙමෙන් කෙමෙන් පුක්කුලමේ ධීවර කර්මාන්තයේ යෙදීමට ආහ.

යුද්ධය අවසන් වීමත් සමග එම ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කටයුතු යථා තත්වයට පත්වීමත් සමග එම ගම්මානයේ පැරන්නන්ගෙන් පැවත එන පරම්පරා වල සාමාජිකයින්ට බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ විය. (මෙහි දැක්වෙන්නේ එවන් බලපත්‍රයකි). මෙම බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පනවන ලද දැඩි කොන්දේසි වලට යටත්ව රු.2500 ක් ගෙවා වාර්ෂිකව නැවත නැවත අලුත් කළ යුතු පදනම මත ය.

නමුත් මෙම ප්‍රදේශයේ ඇති දර්ශනීය වෙරළ තීරයේ ඇති වාණිජ වටිනාකමට ලොබ බැඳී රාජපක්ෂ රජයේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඇතුළු පිරිස විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බටහිර වෙරළබඩ කලාපය සංචාරක හෝටල් සඳහා යොදාගැනීම වෙනුවෙන් උපක්‍රම කීපයක් දියත් කළේය. පළමුවැන්න එම විල්පත්තු බටහිර වෙරළ තීරය ඔස්සේ මාර්ගයක් ඉදි කිරීම සඳහා මීටර 50 කට වැඩි වනාන්තර තීරුවක් හොර රහසේ හෙළි කළහ. දෙවන උපක්‍රමය වූයේ පැරණි ධීවර ගම්මාන වල ධීවරයින් නැවත පදිංචි කරන මුවාවෙන් එම වෙරළ තීරය නැවත ජනාවාස කිරීමයි. එසේ ජනාවාස කළ වෙරළ තීරය විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කිරීම මීළඟ පියවර විය. වෙරළ තීරය ඔස්සේ කැපූ මාර්ගයට අමතරව කුදිරමලේ ප්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයක් ද ඔවුන් ඒ දින වල කුදිරමලේ ප්‍රදේශයේ ඉදි කළහ. (චායාරූප මෙහි ඇත)

එම වෙරළ තීරයේ ධීවර ජනයා ස්ථිරව පදිංචි කිරීමට කටයුතු කිරීම සඳහා 2010 වර්ෂයේදී පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව විසින් මෙම ප්‍රදේශයේ ධීවරයින් ස්ථිර ලෙස පදිංචි කිරීම සඳහා ඉඩම් වෙන්කර දීමට නිර්දේශ ඉදිරිපත් කළ ද ඒ සඳහා රජයේ පිළිගත් ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමද, විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් එම වනාන්තර ඉඩම්, ඉඩම් කොමසාරිස් ජනරාල් වරයා වෙත හෝ ඔහු වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් වෙත හෝ නිදහස් කර නොමැත. එමෙන්ම එම ප්‍රදේශයේ ජනයා ස්ථිර ලෙස පදිංචි කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම විරුද්ද්ධ විය. අද දක්වා ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරුද්ධ ය.

කෙසේ වෙතත් පරිසරවේදීන් හා පරිසර සංවිධාන වල මැදිහත් වීමෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාව යම්තාක් දුරකට නතර කරගැනීමට ඒ දින වල හැකි විය.

නමුත් කණගාටුවට කරුණ වන්නේ බැසිල් රාජපක්ෂලාගේ දුෂණයට එරෙහිව ආ “යහපාලන” රජයේ ඇමතිවරු ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සුන්දර බටහිර වෙරළබඩ තීරය මංකොල්ල කෑමට සැරසීමය. යහපාලන ආණ්ඩුවේ ඒ භූමිකාව රඟ දක්වන්නේ තබ්බෝවේ වැව් තාවුලු බලෙන් අල්ලාගෙන හෝටල් ඉදි කළ පාලිත රංගේ බණ්ඩාර ඇමති වරයා ය.

මහින්ද රාජපක්ෂ රජය ගෙදර යැව්වේ බැසිල් රාජපක්ෂලාගේ අත්තනෝමතික දුෂිත ක්‍රියාවන් ය. යහපාලන රජයේද නිසැක පරාජයේ කොටස් කරුවකු වන්නේ රංගේ බණ්ඩාර ප්‍රමුඛ දුෂිත ඇමති රෝත්තය.

– උපුටා ගැනීම : විල්පත්තුව සුරකිමු ෆේස්බුක් පිටුවෙන්

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: