Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

යහපාලකයන්ට බලයට එන්න පාර කැපූ පුලස්තිලාට අද වන අසාධාරණයට කව්රුත් නෑ..! (VIDEO)

ජාතික ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයා මෙන්ම සිරිකොත මැතිවරණ මෙහෙයුම් මැදිරියේ හිටපු නිලධාරීවරයා වන ඉංජිනේරු පුලස්ති වන්නි ආරච්චි යනු මා දන්නා තරමින් එක්සත් ජාතික පක්ෂයේ තරුණයන් අතර්න් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිරත වූ ඉහලින්ම සිටි තරුණයෙක්.
 
තම පියා මෙන් නියම එක්සත් ජාතික පාක්ෂිකයෙක් මෙන් ප්‍රතිපත්ති ගරුකව දේශපාලනයේ යෙදුන නමුත් ඔහුට හිමි වූ දෙයක් නොමැත.
 
වත්මන් යහපලන ආණ්ඩුව පැමිණියාට පසු ආණ්ඩු හැදීමට තියා සිරිකොත පැත්ත පලාතෙවත් දැකපු නැති අයවලු,න් පැත්තකවත් නැති පිරිසක් පොරවල් බවට පත්ව ලොකු පුටුවලට යන විට පුලස්තිලාට වගේ ආණ්ඩු හැදීමට කැපවූ තරුණ පිරිසට හිමිවූයේ කුණු ගොඩයි..
 
අවසානයේදී යහපාලන ආණ්ඩුව පත්ව කෙටි කාලයකින් පුලස්තිට තම රැකියා කල සේවා ස්ථානයෙන් රැකියාව අහිමි කරන්නේ කිසිඳු වග විභාගයකින් තොරවයි.
 
මෙම ලියුම්කරු විසින් ඒ පිළිබඳව පසුව කල සොයා බැලීමකදී අනාවරණය වන්නේ එම සිද්ධි දාමය ඇතුලේම පැවතියේ දේශපාලන විරසකභාවය බවයි.
 
යහපාලන රජයේ වත්මන් ඇමතිවරු දැන් ඉහලින් ඉගිලී ගියාට ඔවුන් කිහිප පොලකටම ඔය තැන් වලට එන්නට පාර කැපුවේ මෙවැනි තරුණයන් බව ඔවුන් අමතක කොට ලං කර ගත්තේ රාජපක්ෂවරුන්ට ආවැඩු ගෝතයන්ය.
 
ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී ලං කර ගැනීමේ ප්‍රථිපල ඡායාරූප, විඩියෝ වැනි ප්‍රබල සන්නිවේදන ක්‍රම ඔස්සේ සමාජ ජාලා ආශ්‍රිතව ඉදිරි මැතිවරණයකදී දැක බලා ගැනීමට හැකි වෙතැයි මේ ලියුම්කරු පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්.
 
කෙසේ නමුත් මෙම ක්‍රියාදාමයේ වාර්තා වන අලුත්ම සිදුවීම නම් පුලස්ති වන්නිආරච්චිගේ බදුල්ලේ ගමේ පිහිටි ඔවුන්ගේ වගා ඉඩම් වලට මැතිවරණයෙන් පසු ප්‍රතිවිරුද්ධ දේශපාලන පලිගැනීම් වල ගොදුරු වීමට එරෙහිව තාමත් නීතිය ක්‍රියාත්මක නොවි තිබෙන බව වාර්තා වුනා.
 
එහෙත් මා සඳහන් කලේ ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට අවස්ථාව ලබාදෙමු යන්නය. දැන් මැතිවරණය ඉක්ම ගොස් සති ගනනාවකි.එහෙත් තාමත් පොලිසිය බුදිය.
 
එය විශාල වගා හානියක් වන අතර බදුල්ල පොලිසිය අදාල සිද්ධිය වූ දිනයේ හෝ සිද්ධියෙන් දින 3ක් ඉක්ම යනතුරු පවා ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට අපොහොසත් වී තිබෙනවා.
 
මිහිඳු ෆොන්සේකා

මේ පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා අදහස් පල කරනු ලැබුවා.

එහි වීඩියෝව පහතින්,