ලෝපතල ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් සඝ සරණ යයි..! (PHOTO)

රෆායෙල් නඩාල් කියන්නෙ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක එකට ඉන්න ක්‍රීඩකයා. ස්පාඥ්ඥ ජාතිකයෙකු වන මොහු එදා මෙදා තුර බිහිවුනු සුපිරිම ටෙනිස් ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙක් කිවුවොත් නිවැරදි. අනෙක් ක්‍රීඩකයා තමයි රොජර් ෆෙඩරර්.

ඉතින් මේ නඩාල් කියන සුපිරි ක්‍රීඩකයා තායි සංචාරයක් අතරතුර හරි අපූරු වැඩක් කරල තිබුනා. ඒ තමයි පිඩු සිගා වඩින හාමුදුරුවරු කිහිප නමකට දන් පිළිගැන්වීම. ඒ විතරක් නෙවෙයි මලින් සහ සිහිල් පැන් වලිනුත් මොහු හාමුදුරුවරුන්ට සංග්‍රහ කරල තිබුනා.

එම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු කියා තිබුනේ දන් පිළිගැනීමෙන් අනතුරුව තම සිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනුන බවයි. හාමුදුරු කෙනෙක් දැක්කහම නැගිටින්නෙවත් නැති මිනිස්සු ඉන්න කාලෙක මේ අන්‍යාගමික පුද්ගලයා දන නමල හාමුදුරුවන්ට ගෞරව කරන හැටි බලන්න.

පින්තූර පහළින්,

more recommended stories