Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

විරෝධාර රණවිරුවන් වෙනුවෙන් නව නිවාස හිමිකම් පත් ජනපති අතින්..!                 මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී – පොලීසිය නිදි..!                 ජනපති මැදිහත්වීමෙන් වර්ජනය අවසන් – දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌..!                 අප්‍රිකානුවන් පරදා ලකුණු 178ක වාර්තාගත ජයක් අපේ සිංහ පැටව් ගත්තු හැටි මෙන්න..!                 යුදහමුදාවේ 100කට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක්..!                 දිවියන් කෑ බව කී සමනලවත්තේ දරුවා පැහැරගත්තේ දරුවාගේ මාමාද..? පොලිසය කරුණු රැසක් අනාවරණය කරගනී..!                 සැකකරුවෙක් ඝාතනයට ඉඩක් නෑ – යුධ හමුදා මේජර්ට මරණ දඬුවම දෙමින් විනිසුරු ඉලංචේලියන් කියයි..!                 රිදෙන්නේ ජනතාවටයි – ආණ්ඩුවට නොවෙයි                

බලය නැති උනත් පරාජයෙන් උරන වූ රාජපක්ෂ පුතුන් රණවිරුවන්ට පහරදීමට ගිය හැටි..! (VIDEO)

නාවික හමුදා රග්බි කණ්ඩායම සහ සී.එච්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම අතර පෙරේදා පැවති තරගයේ ජය හිමි කර ගන්නට නාවික හමුදා පිළ සමත් වුණා.

මේ තරගය වැලිසර නාවික හමුදා පිටියේදී පැවති අතර නාවික ක්‍රීඩකයන් එහිදි ලකුණු 27 ට 24 ක් ලෙස සී.එච් කණ්ඩායම පරාජයට පත් කළා.

තරගය අතරතුරදී දෙපිලේ ක්‍රීඩකයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මැදිහත් වී එය සමථයකට පත් කරගනු ලැබුවා.

විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයේ සිටිනා කාලය තුළ නාවික හමුදා කණ්ඩායම තුළ සුවිෂේහි ආධිපත්‍යයක් ගොඩ නංවා ගෙන සිටි රාජපක්ෂ පුතුනට මෙම පරාජය ඉවසා දරා ගැනීමට නොහැකිව ජයග්‍රාහී නාවික හමුදා විරුවන්ට කුණු හරුපයෙන් බැණ පහරදීමට පනින අවස්ථාවේදී  නාමල් රාජපක්ෂ විසින් සිය සහෝදරයන් දෙදෙනාව නවත්වා ගැනීමට උත්සහ දරනු ලබනවා.

සී.එච් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායමට රෝහිත රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ක්‍රීඩා කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.

එහි වීඩියෝව පහතින්,

“රාජපක්ෂ පුතුන් මෙරට රග්බි ක්‍රීඩාවට දැවැන්ත සේවාවක් සිදුකළ හැටි..!!

රාජපක්ෂවරුන් බලයේ සිටින කාලයේ මෙරට සියලු කටයුතු සිදුවූයේ රාජපක්ෂ පවුලේ තීන්දු තීරණවලට අනුවය. එය ක්‍රීඩා ක්ෂේත්‍රයට ද අදාල වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ රාජපක්ෂ පුතුන් කැමති ක්‍රීඩාවලට පමණි. අනුග්‍රාහකයන් පැමිණියේ රාජපක්ෂ පුතුන් කැමති ක්‍රීඩාවලට පමණි. රාජපක්ෂ පුතුන්ගේ කැමැත්ත පරිදි මෙරට ක්‍රීඩාව පවත්වාගෙන යාමේ ඵලවිපාක ඉදිරියේදී අත්විඳින්නට සිදුවනු ඇත. ඉදිරියේදී ශ්‍රී ලංකා රග්බි සංගමයට ජාත්‍යන්තර තහනමක් ලැබෙන තත්ත්වයක් උදාවී ඇති අතර එයට හේතුව නාමල් රාජපක්ෂලාගේ කෙරුවාවන්ය.

රාජපක්ෂ පුතුන් රාජ්‍ය බලය යොදාගනිමින් වසර කිහිපයක් තිස්සේ කාල්ටන් රග්බි සෙවන්ස් නමින් රග්බි තරගාවලියක් පැවැත්වූ අතර එම තරගාවලියේ 2014 තරගවාරය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට හෙලිදරව් වී තිබේ.

අදාල තරගාවලිය සඳහා ලොව රග්බිවලට ජනප්‍රිය රටවලින් ක්‍රීඩකයන් ගෙන්වා ගත් අතර ෆීජි, කෙන්යා, නවසීලන්ත, හොංකොං ආදී රටවල් ඒ අතර වේ. මෙම ජාත්‍යන්තර ක්‍රීඩකයන් මේ සඳහා ගෙන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීති-රීති තඹයකට මායිම් නොකරමිනි. ඔවුන්ට රක්ෂණාවරණයක් පවා ලබාදී නොමැත.

මෙම තරගාවලිය සංවිධානය කළේ සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් නැමැති සමාගමක් මගිනි. එහෙත් මෙම සමාගමට එවැනි ජාත්‍යන්තර තලයේ තරගාවලියක් සංවිධානය කිරීම සඳහා නීතිමය හැකියාවක් නොමැත. එයට හේතුව මෙම සමාගම රාජපක්ෂ පුතුන්ගේ වුවමනාවට අටවාගත් සමාගමක් මිස ක්‍රීඩා තරග වැනි ජාත්‍යන්තර සංවිධානය සම්බන්ධයෙන් අත්දැකීම් හෝ හැකියාවක් ඇති සමාගමක් නොවේ.

නීති-රීතිවලින් බේරීම සඳහා සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ නම භාවිතා කිරීමයි. එය සිදුකර ඇත්තේ නාමල්ගේ රග්බි ගුරුවරයා යැයි කියන එවකට රග්බි සංගමයේ සභාපති වූ අසංග සෙනෙවිරත්න හරහාය. රග්බි සහ රාජපක්ෂ පුතුන් යනු දෙකක් නොව එකක්ම වූ එසමයෙහි මෙවැනි ක්‍රියා රාජපක්ෂවරුන් සිදුකළේ කජු කනවා වැනි ඉතා පහසු ලෙසය. රාජපක්ෂ පුතුන් රග්බි සංගමය හරහා ජාත්‍යන්තර රග්බි සංගමය හා ක්‍රීඩකයන් ගෙන්වාගත් රටවල රග්බි බලධාරීන් රවටා කටයුතු කළේය.

රග්බි වැනි ක්‍රීඩාවකදී ක්‍රීඩකයන්ට අනතුරු සිදුවීම අනිවාර්ය හෙයින් ක්‍රීඩකයන් සඳහා රක්ෂණාවරණ ලබාදීම අනිවාර්ය වේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ක්‍රීඩක රක්ෂණය සඳහා රුපියල් මිලියන 12 රක්ෂණාවරණයක් යෝජනා කළ අතර එය තරගාවලියට පෙර ගෙවිය යුතුවිය. එහෙත් එය නොගෙවූ රාජපක්ෂ පුතුන් හා රග්බි සංගමය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණාවරණයක් ඇති බව අඟවමින් රෝහල්වලින් ක්‍රීඩකයන්ට ප්‍රතිකාර ලබාගෙන තිබේ. මේ බව හෙළිවී ඇත්තේ ක්‍රීඩකයන්ට ප්‍රතිකාර ලබාදුන් හේමාස් හෝටල් සමූහය ඊට අදාල මුදල් ඉල්ලූ අවස්ථාවේදීය.

හේමාස් සමූහයේ ගාල්ල රෝහලෙන් අදාල තරගාවලියේදී ආබාධවලට පත්වූ ක්‍රීඩකයන්ට ප්‍රතිකාර ලබාදී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්නය. මෙම මුදල් රාජපක්ෂ පුතුන්ගේ පාර්ශවයෙන් හෝ සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් සමාගමෙන් හෝ මෙතෙක් ගෙවා නොමැත. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසූ හේමාස් බලධාරීන්ට තර්ජණය කර ඇති බවද වාර්තා වේ.

රාජපක්ෂ පුතුන්ගේ මෙම හිතුවක්කාරී ක්‍රියා හේතුවෙන් මේ වනවිට මෙරට රග්බි ක්‍රීඩාව දරුණු අනතුරකට මුහුණ පා තිබේ. රග්බි ක්‍රීඩාවේ දැවැන්ත වර්ධනයක් රාජපක්ෂ පාලන සමයේ සිදුවූවායැයි රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ හෙංචයියන් පැවසුවද එම වර්ධනය ප්‍රතිවිපාක දැන් ලැබෙමින් පවතී. කාල්ටන් රග්බි තරගාවලියේදී කටයුතු කළ ආකාරය හේතුවෙන් මෙරට රග්බි සංගමය ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්ව තිබේ. ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක් ලබානොදීම ඇතුළු හිතුවක්කාරී කටයුතු හේතුවෙන් ජාත්‍යන්තර රග්බි සංගමය ඉදිරියේදී මෙරට පාලනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ උත්සාහයක් පවතින බව අනාවරණය වේ. එවැනි පරීක්ෂණයක් පැවැත්වුවහොත් මෙරට රග්බි සංගමයට ජාත්‍යන්තර තහනමක් පැනවීමේ අවදානමක්ද පවතී. එවැනි තහනමක් පැනවුවහොත් එය මෙරට රග්බි ක්‍රීඩාවේ මළගම වනු නිසැකය. අසූව දශකයෙහි තහනම් දකුණ අප්‍රිකානු සංචාරය හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වූ හානියට නොදෙවෙනි හානියක් රග්බි ක්‍රීඩාවට සිදුවනු ඇත.