Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

“විදේශීය කාන්තාවකගෙන් ලිංගික අතවර පැමිණිල්ලක්” ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්..!                 එළවළු සහ පළතුරු ගුවන් මගින් මෙරටට රැගෙන ආ හැකිද?                 අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                

කෙහෙළියගේ පුතා පිස්තෝලයකින් පහර දී නාවල කැම්පස් සිසුවෙකු තුවාල කරලා..! (VIDEO)

රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල  නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

රමිත් රඹුක්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකුද වෙයි.

‘සිහිනෙන් ඇවිදීම’

2013 වසරේ ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට රමිත් රඹුක්වැල්ලට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් බ්‍රිතාන්‍යය බලා පියාසර කරමින් සිටියදී වැසිකිලියේ දොර බව සිතා ඔහු යානයේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කොට ඇති බව ලන්ඩනයේ පළ වන ඩේලි මේල් පත්‍රය වාර්තා කොට තිබිණ.

සිහිනෙන් ඇවිදිමින් සිටි තමන් වැරදීමකින් වැසිකිළි දොර යයි සිතා ගුවන් යානා දොර විවෘත කිරීමට උත්සාහ දැරූ බවයි, ඒ අවස්ථාවේ රඹුක්වැල්ල කියා සිටියේ.

ඔහු බීමතින් සිටි විලාසයක් පෙනුණු බවත් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවකයන් පැමිණ සන්සුන් කරන තුරු රමිත් රඹුක්වැල්ල විනාඩි දෙකක් පමණ දොර අගුල තදින් අදිමින් සිටි බවත් සිද්ධිය සියසින් දුටුවන් පවසා තිබිණි.

එම චෝදනාව සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ලට දැඩි සේ අවවාද කොට තරග ආදායමින් අඩක් දඩ වශයෙන් ගෙවීමට නියම කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අවස්ථාවේ සඳහන් කළේ.

මීට පෙර රියදුරු බලපත්‍රය අත් හිටවූ ප්‍රවෘත්තිය.

රිය අනතුරක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා දෙකකට පමණක් වරද පිළිගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු අධිකරණය හමුවේ පැවසූහ.

පසුගියදා කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ සිදු වූ රිය අනතුරකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු රමිත් රඹුක්වැල්ලට එරෙහිව අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බිමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක් යටතේ පොලිසිය විසින් නඩු පවරණු ලැබ තිබේ.

රමිත රඹුක්වැල්ල මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ලගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයායි.

අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාවලට පමණක් වරද පිළිගැනීමට ඔහු සූදානම් බවයි.ඒ අනුව රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.