නීතිය සහ බුද්ධාගම රැක ගන්න කියලා දෙන්න ආපු නාමල්ට රන්ජන් රිදෙන්න දීපු උත්තරේ..! (PHOTO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකව සඳහන් කරමින් නිකුත් කරන ලද පණිවිඩයක් නිසා ට්විටර් සමාජ ජාලය මේ වන විට දැඩි කතා බහක් ඇති වි තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකව සඳහන් කරමින් සඳහන් කර ඇත්තේ,

“නීතිවේදීන් ගැන සහ ආගමික නායකයන්ගේ වැරදි කතා කරන්න කලින් ඔබගේ පක්ෂයේ සිටින දූෂිත පුද්ගලයන් ගැන පළමුව කතා කරන ලෙසයි..!

ඊට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සඳහන් කර ඇත්තේ,

“අති පූජනීය මහනායක හිමිවරුන් තම විරුද්ධතාවය ප්‍රකාශ කොට තිබියදිත් දළඳහා මාළිගාව වටා නයිට් රේස් පැවැත්වූයේ ඇයිද යන්න පැහැදිලි කර දෙන ලෙසයි.. එමෙන්ම අද තමා ප්‍රකාශ කරන දෙයම එදා ඔබ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා විසින් ප්‍රකාශ කොට තිබියදී ඔබ සහ ඔබගේ පියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිශ්ෂබ්දව සිටියේ ඇයිද යන්නය..”

මෙම ප්‍රශ්න වලට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පිළිතුරු සපයා නැති අතර මේත් සමගම රාජපක්ෂ ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා විසින් ප්‍රකාශ කල දුශ්ෂීල භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය විනාශ කරන අයුරු සඳහන් ප්‍රවෘත්තිය නැවත ප්‍රචාරය වීමට පටන් ගෙන තිබෙනවා…

රාජපක්ෂ ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා විසින් ප්‍රකාශ කල දුශ්ෂීල භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය විනාශ කරන අයුරු සඳහන් ප්‍රවෘත්තිය..!

සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සංඝ සමාජය ලෙසින් පෙනී සිටිමින් චීවරය දරාගත් පිරිසක් කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, දි.මු. ජයරත්න මහතා අවධාරණය කර සිටියි. මෙය ජාත්‍යන්තර හෝ අභ්‍යන්තර බලපෑමක ප‍්‍රතිඵලයක් විය හැකි බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයට විවිධ පාර්ශවයන්ගෙන් එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා  ඊයේ කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්  අග‍්‍රාමාත්‍ය දි.මු. ජයයරත්න මෙම අදහස් පළ කළේය.

” සමහර පුද්ගලයෝ සිවුරු පොරවාගෙන, මාධ්‍ය දාන්නේ චීවරධාරීන් කියලා. ඒ අය විශාල වශයෙන් වැරදි කරනවා. නොයෙක් වැරදි කරනවා. කළිසම් ඇදගෙන යනවා. මේ වාගේ තත්ත්වයක් සංඝ සමාජය කියලා පිටස්තර පිරිසක් කි‍්‍රයාත්මක වෙනවා. නියම හාමුදුරුවරු නෙවෙයි. ති‍්‍රපිටකය අනුව ජීවත් වන ස්වාමීන් වහන්සේලා නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිවුරු දරාගත්ත පිරිසක් කි‍්‍රයාකාරන බව පේනවා. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙන්නත් පුළුවන් අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙන්නත් පුළුවන්. ” යයි ද අගමැතිවරයා පැවසිය.

රාවණා කියන්නේ ගැණු හොරෙක්..!

බුද්ධ ශාසන අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ ‘රාවණා බලය’ සංවිධානය පිළිබඳව ද අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර දක්වමින් මෙසේ පැවසිය.

” රාවණා බලකාය කියනවා මේකේ මොනවත් කරලා නැහැ ඒ නිසා අගමැතිවරයා අස්කරන්න  ඕනි කියලා. අපිට ලිපි වගයක් ලැබුණා රාවණා ආගම කියලා. රාවණා ආගමට මෙලෙස වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට නොදීම වැරදියි කියලා. එය දැන් ආගමක් බවට පරිවර්තනය වෙලා. රාවණා කියන්නේ කාන්තාවන් හොරෙන් අරන් ගිය කෙනෙක්. ඉතිහාසයේ ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් චරිතය එහෙමයි. ඉතින් කොහොම හාමුදුරුවරු එහෙම කරන්නේ. ”

Facebook Comments

more recommended stories

%d bloggers like this: