රාවණගෙන් පැවැත එන රස වෙදකමේ හාස්කම් ඔබ දැන සිටියාද..? (VIDEO)

රාවණ රජු වෛද්‍ය ශාස්ත්‍රය මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියකු බව මතයකි. පුරාතන ග්‍රන්ථවලට අනුව වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ රාවණ රජුගේ හසළ බුද්ධිය නිසා වෛද්‍ය ශිරෝමණී යනුවෙන් ඔහු හැඳින්වූ බවද පතපොතෙහි සඳහන් වේ. පුරාණ ග්‍රන්ථයන්හි තවදුරටත් දැක්වෙන පරිදි පුලස්ති සෘෂිවරයාගේ ඇවෑමෙන් ඔහුගේ සාහිත්‍ය මෙන්ම වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථවල එකම හිමිකාරයා වූයේ ඔහුගේ මුනුබුරු වූ රාවණ රජතුමාය.

වෛද්‍ය ශාස්ත්‍රය නිපුණ කළ රාවණ රජු ඒ පිළිබඳ තව තවත් පර්යේෂණ හා අත්හදා බැලීම් සිදුකොට රස වෛද්‍ය විද්‍යාව සොයාගත් බව පුරාණ පුස්කොළ ග්‍රන්ථයන්හි සඳහන් වේ. ඉතාම අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කිරීමට හැකි මෙම රස බෙහෙත් යුද බිමේ වෛද්‍ය අංශයට යවා බරපතළ තුවාල ලැබූ යුද භටයන් සුවපත් කළ බව පුරාණ රාවණ ග්‍රන්ථවල දැක්වේ.

රාවණා රජතුමාගේ ඇවෑමෙන් පසු එම යුගයේ පැවැති ගුවන් යානා නිර්මාණ ශිල්පය, අවි ආයුධ තැනීමේ ශිල්පය මෙන්ම විශ්මිත රස ඖශධවේදය ද කෙමෙන් කෙමෙන් අභාවයට ගියේය.ඉන්පසුව ඉන්දියාවට ව්‍යාප්ත වූ මෙම රස වෙදකම ශ්‍රී ලංකාවවෙත ව්‍යාප්ත වූයේ1898වසරේදී ය.වෙදකම ආරම්භ වූයේ මුහන්දිරම් එම්.ඒ.පී. වෛද්‍යසේන වෛද්‍යතුමන්ගේ පුරෝගාමිත්වයෙනි. ඒ ඉන්දියාවේ එවකට ප්‍රකටව සිටි රස වෛද්‍යවරුන් ගෙන්වා රස වෙදකම හැදෑරීමෙනි. එදා මෙරටට ගෙන්වූයේ භූදේව් මුඛර්ජි පරම්පරාවේ රස වෛද්‍යවරුන්ය. ඉන්දියාවෙන් පැමිණි විශේෂඥ රස වෛද්‍යවරුන් යටතේ රස ඖෂධ විද්‍යාව හැදෑරීමට ලංකාවේ පාරම්පරික වෛද්‍යවරු පස් දෙනෙක්ම එක්වූහ. ඔවුන් අතර වෛද්‍යාචාර්ය ආර්.ජේ. කුලරත්න මහතාද විය. කුලරත්න වෙද මහතා රස වෙදකම ඉතා දක්‍ෂ ලෙස හැදෑරීය. සුව කළ නොහැකි යැයි බටහිර වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ලද අංශභාග රෝගීන් කුලරත්න වෙද මහතා සුවපත් කළේය. එදා ආර්.ජේ. කුලරත්න වෙද මහතා රස වෙදකමෙන් පෙන්වූ හාස්කම් බොහෝය.

වර්ෂ 1947 තරම මොළයේ ගෙඩියක් හටගත් රෝගී කාන්තාවක් සුව කිරීම ආර්.ජේ. කුලරත්න මහතා විසින් සිදු කරනු ලැබීම රස වෙදකමේ විශේෂ ප්‍රාතිහාර්යයක් විය. බටහිර වෛද්‍යවරුන් එම කාන්තාවගේ මොළයේ හටගෙන තිබූ ගෙඩිය ඉවත් කිරීමට සැත්කමක් සිදු කළ යුතු යැයි නිගමනය කර තිබිණි. එදා එවන් ශල්‍ය කර්මයක් කිරීම රෝගියාගේ ජීවිතය පරදුවට තබා කළ යුතු එකක් විය. එහෙත් වෛද්‍යාචාර්ය ආර්.ජේ. කුලරත්න මහතා එම කාන්තාව සුවපත් කළේ කිසිදු ශල්‍යකර්මයකින් තොරවය.

මෙරට ජනතාවගේ භාග්‍යයට මෙන් මේ අගනා වෙදකම වර්තමානයේ ඉදිරියට ගෙන යන්නේ ඒ රස වෙද පරම්පරාවේම කෙනෙකි. වර්ෂ 1898දී මෙරට විධිමත්ව ඇරැඹුණු රස වෙදකම අද ඉදිරියට ගෙන යන්නේ පාරම්පරික වෛද්‍ය ලලිත් කුලරත්න මහතාය. ඔහු රස වෙදකමෙහි දස්කම් පෑ ආර්.ජේ. කුලරත්න මහතාගේ පුත්‍රයාය. තම පියා මෙන්ම දැඩි කැපවීමෙන් යුතුව ඔහු මෙම අගනා වෛද්‍ය කර්මයෙහි නියැළෙයි. මේ සඳහා ඔහුට අනගි සහායක් ඔහුගේ බිරිය වූ වෛද්‍යචාරිනී චන්ද්‍රිකා අල්ගම කුලරත්න මහත්මියගෙන් ලැබේ. ඔවුන් දෙදෙනා එක්වී සුව කළ රෝගීන් බොහෝය. තම ධනයත් කාලයත් වැය කරමින් ඔවුන් කරනා සේවාව සුළුකොට තැකිය නොහේ. මේ මහඟු වෙදකම නොනැසී යා නොදී රැක ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වී ඇත.

තම පියා වූ වෛද්‍යචාර්ය ආර්.ජේ. කුලරත්න මහතාගෙන් උරුම වූ රස වෙදකම තවදුරටත් අත්හදා බලමින් පර්යේෂණවලට ලක් කරමින් ලලිත් කුලරත්න මහතා දැනටමත් විවිධ හාස්කම් පෙන්වා ඇත. අංශභාග රෝගීන්, දියවැඩියාවෙන් පෙළෙන්නවුන් ඉතා බරපතළ තත්ත්වයේ පසුවූ වකුගඩු රෝගීන් කුලරත්න වෙද මහතාගේ ප්‍රතිකාරවලින් මුළුමනින්ම සුවපත් වී ඇත. ඉතා බරපතළ තත්ත්වයේ පසුවූ පිළිකා රෝගීන්ද කුලරත්න වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා මුළුමනින්ම සුවපත් වී ඇත. එපමණක් නොව අන්ධ දරුවන් දෙදෙනකුට පෙනීම ලබාදීම සඳහාද මෙම රස වෙදකමෙන් වෛද්‍යාචාර්ය කුලරත්න මහතා සමත් වී ඇත.

මේ පිලිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න ,

Facebook Comments

more recommended stories

%d bloggers like this: