Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

රන්ජන්ගේ කෙලින් කතා වලට පරීක්ෂණ ඕනේ නම්, ජෝන්ගේ ලීක් වු දේවලට කෝ පරීක්ෂණ..?

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින බව සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවද මෙය විනය විරෝධී බව පැවසූ ජෝන් අමරතුංග ඇමැතිවරයා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමට හදන ඇතැමුන්ට තමන්ගේ ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ බව කීවේය.

ජෝන් අමරතුංග ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එකට ආණ්‌ඩුවේ ඉඳලා ඇමැති තනතුරු ලබාගෙන පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම යුක්‌ති සහගත නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පැවසිය යුතුයි.

මේ සම්බන්ධයෙන් තමා ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානම් බව නි. ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය. පක්‍ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමා ගරු කරන බවද හෙතෙම පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ නිතරම තමුන් වෙනුවෙන් නොව පක්ෂය, රට සහ සත්‍ය වෙනුවෙන් නොබියව පෙනී සිටින රන්ජන් වැන්නකු ගැන මෙසේ පරීක්ෂණ අවශ්‍ය නම් පසුගිය කාලයේ එජාපය සහ සමස්ත දේශපාලන ක්ෂේත්‍රයම පිලිකුලට භාජනය කල වයසක විශ්‍රාම යා යුතු වයසක සිටින ජෝන් අමරතුංගේ ඇතැම් ක්‍රියා කලාපයන් ගැන පරීක්ෂණ 10ක් පමණ තැබීමට සිදුවන බවය.

එහෙත් ඔහුගේ පිළිකුල් සහගත හැසිරීම් ගැන බොහෝ දෙනෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතිය දනවන්නක්බවය.