රූකා සබරගමුව පළාත් සභාවට තරඟ වදින ළකුණු..? (Gossip news)

එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදීමට ප්‍රකට චරිත දෙකක් ඉදිරිපත්වන බවත් ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා තරඟවැදීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර ඇති බවත් ඒ පිලිබඳ වැඩිදුර සාකච්ජා මේ වනවිට දෙපාර්ශවය අතර සිදුවන බවද සඳහන් වේ. කෙසේ නමුත් ගුණතිලක මහතා මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත බවත් ඊට අදාල සාකච්ජා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග පවත්වා ඇති අතර මේ වනවිට ඊට දෙපාර්ශවයේ එකඟතාවය පලවී ඇති බවද සඳහන් වෙන්නේ.

මේ වනවිට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතින අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්වය හමුවේ උණුසුම්වනු ඇති බවයි එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.

 

(minigossip.gossip99.com)

Facebook Comments

more recommended stories

%d bloggers like this: