“කණ්ඩුල අද උදෑසන ඛේදනීය අවසානයකට පත්විය – සෆාරි වලට අලි ගෙනියන එකට වැට බදින්නේ කවද්ද..?

හබරණ ප්‍රදේශයේ සෆාරි සඳහා යොදවා තිබී,අසනීප තත්වයෙන් පසුවීම නිසා ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබියදී අපරික්ෂාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද ( 11 )පාන්දර 2.00 ට පමණ මියගියා.

අලියාගේ භාරකාරත්වය හඟුරන්කෙත බස්නායකවරයෙකු සතු යැයි පැවසෙන අතර,අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි කියාගන්නා පිරිස් විසින් අලියාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.09 වන දින සවස අනතුරට පත් අවස්ථාවේ පටන් 10 වන දින රාත්‍රිය දක්වා අලියා නැගිටුවීමට කිසිදු කටයුත්තක් සූදානම් නොකර තිබූ අතර, අලියා රැගෙන ආ කන්ටේනර් රථය හොර ඇත්දළ ජාවාරමෙහි නියත වී,අධිකරණයේ නඩු පැවැත්වෙන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු වූවක්.අලියා අනතුරට පත්වීමෙන් පසු හැකි ඉක්මනින් ඔහු සිය කන්ටේනර් රථය ඉවත් කිරීමට කටයුතු කලේය. සිදුවීම රූගත කිරීමට ආ මාධ්‍යවේදීන්ට පවා පහර දීමට උත්සාහ කරමින් අලියාගේ හිමිකරුවන් යැයි කියාගන්නා පිරිස් හැසිරුණු අතර,ජීවත්ව සිටි කාලයේ දී අලියාගෙන් බඩවියත සරිකර ගත් එකෙකු හෝ අලියාගේ ප්‍රතිකාර වෙනුවෙන් කැප නොවුනු අතර සිය ජීවිත කාලයම හිමිකරුවන්ට වහල් කම් කල කණ්ඩුල අලියා ඉතා අවාසනාවන්ත ලෙස මෙසේ මරණයට පත්විය.
සුබ ගමන් කණ්ඩුල , උපදින මතු භවයක කළ්‍යාණ මිත්‍රයන් ඇසුරේම ඉපදේවා..!

දැන් හීලෑ අලි කීයක් ඉතුරුද..?

කණ්ඩුලව ගේන්නෙ හබරණ ඉඳන්.. හබරණ පැත්තෙ අලි තියාගන්නෙ මොකටද කියලා දන්න එවුන් දන්නවා. ටුවරිසම් වලින් හම්බකරන එවුන් මේ සත්තුන්ගෙන් පට්ට යනකන් වැඩ ගන්න හැටි සීගිරිය හබරණ පැතිවල බලාගන්න පුළුවන්. හබරණ ඉඳන් පින්නවලට ප්‍රවාහනය කරද්දි නිසි ක්‍රමවේදයන් යොදා නොගැනීම නිසා කඩුගන්නාවෙදි කණ්ඩුල ප්‍රවාහනය කරන රිය ඇතුලෙම වැටෙන්නේ.

අලියෙක් වැටුනම නැවත ප්‍රතිකාර කිරීමෙදි සත්වයව නැගිට්ටවන්න අවශ්‍යයි. සත්ව⁣යගෙ ශරීරයෙ බරටම සිදුවෙන අභ්‍යන්තර පීඩනයන් වලක්වා ගත යුතුයි. අනතුර සිදුවෙන්නෙ 9 වෙනිදා.. 10 වෙනිදා වෙනකන් කිසිම පියවරක් අරගත්තෙ නෑ අයිතිකරුවන්. එතනට ගිය මාධ්‍යවේදින් එලවගෙන වහන් කරගෙන ඉන්නයි උත්සහ කලේ. අද 11 පාන්දර කණ්ඩුල මිය යනවා.

හීලෑ අලි මදී, පෙරහැරට අලි නෑ කියන එවුන්ට අනුව මේ අලියෙක් නෙවේ, වෙන මොකෙක්ද එකෙක්, ඒකයි මේ වගේ සත්තු ඉන්නකන් වැඩ අරන් මැරෙන්න වැටුනම බලන්න එකෙක් නැත්තෙ. සතාගෙ අයිතිය පිළිබඳව, නීත්‍යානුකූල බව පිළිබඳව ප්‍රශ්න තියෙද්දි තමයි මෙහෙම වෙන්නෙ..

 

මිය ගිය අලියා ගැන පරීක්ෂණයක් – වනජීවී ඇමති

හබරණ සිට පින්වල ප්‍රදේශයට ප්‍රතිකාර සඳහා ගෙන යමින් සිටියදී ප්‍රවාහනය කළ රථය අනතුරට පත්ව මියගිය අලියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව තිරසාර සංවර්ධන හා වනජීවී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

හබරණ ප්‍රදේශයේ සෆාරියක සිටි මෙම අලියා රෝගාතුර වීම නිසා ප්‍රතිකාර ලබාදීමට පින්නවල ප්‍රදේශයට ගෙන යන අවස්ථාවේදී එම අලියා ප්‍රවාහනය කරමින් තිබූ රථය කඩුගන්නාව හේනාවල රෝහල අසල දී පසුගිය (9දා) පස්වරුවේ අනතුරට පත් විය. ඉන් පසු දින දෙකක් පුරා එම ස්ථානයේ සිටි අලියා අද (11දා) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවිධිමත් සංචාරක කර්මාන්තය නිසා වැනසෙන අපේ අලි පරපුර.

ලංකාවේ අවිධිමත් සංචාරක කර්මාන්තය නිසා, හීලෑ අලි ඇතුන් බහුතරයක් අද මුහුණපා ඇත්තේ ඉතා දුක්ඛිත තත්වයකට ය. වනසතුන් සංචාරක ව්‍යාපාරය සඳහා යෙදවීමේ ඇති සීමා මායිම් පිළිබඳ පවතින අවිනිශ්චිත බව නිසා ලංකාවේ විවිධ සංචාරක නිකේතන හීලෑ අලි පිට සංචාරකයන් රැගෙනයාමේ කටයුතු සිදු කරයි. දෛනිකව වැඩි දුරක් දවස පුරා ගමන් කිරීමත්, එම ක්‍රියාවලිය දී පිට රඳවන උපකරණයත්, එමගින් දීර්ඝකාලීනව බලපාන ශාරිරික හානියත් ඛේදනීය මරණයක් අලියාට උරුමකර දෙනු ලබයි. සංස්කෘතික කටයුතු සඳහා පමණක් යෙදවීමට නීතිමය අවසර ඇති විහාරස්ථාන වල අලි ඇතුන් පවා පෙරහැර නොපැවැත්වෙන සමයේ සංචාරක කටයුතු සඳහා යොදවනු ලැබේ.

ආහාර ඇතුලු සිය මූලික අවශ්‍යතා හෝ නොමැතිව ඉතා ඉහළ මිල ගණන් යටතේ දෛනිකව විකිණෙන මෙම සතුන් , සිය ප්‍රජනන හැකියාව පවා අහිමිව වන්ද්‍යකරණයට ලක්ව ඇත්තේ ගෘහාශ්‍රිත අලි අභිජනනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කල යුගයකය.

ලංකාවේ සංචාරක කර්මාන්තය විවෘත විය යුත්තේ තුල සෆාරි සඳහා අලි යෙදවීමට නොව , වඩා වැදගත් සංස්කෘතික හා සාමාජීය අරමුණු මුල් කරගෙනය. ලංකාවේ සංචාරක කර්මාන්තයට අලියා දායකත්වයක් දක්වනු ලබන්නේ සොබාවික පරිසරය තුල උන්ගේ හැසිරීම් සංචාරකයන්ට නැරඹීමට හැකිවීම තුලය. එබැවින් මෙම සෆාරි සඳහා සීමිත හීලෑ අලි ප්‍රමාණය යෙදවීම තුල අවසන් හීලෑ අලියාද අකාලයේ මියයන දිනය වැඩි ඈතක නොවේ.

” සෆාරි ජාවාරමට තිත තැබීමට රජයට බල කරමු “

දීර්ඝකාලයක් පුරා ඉතා දුක්ඛිත ලෙස සෆාරි ජාවාරමේ යෙදවූ හඟුරන්කෙත බස්නායකවරයෙකුට අයත් කණ්ඩුල අලියා , කඩුගන්නාව ප්‍රදේශයේ දී ප්‍රවාහනය කල කන්ටේනර් රථය තුල ඇදවැටීමෙන් අනතුරට පත් උනා. දීර්ඝකාලයක් පුරා මෙලෙස සෆාරි කටයුතු වල නිරතවීමෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ කණ්ඩුල , හිමිකරුවන් විසින් කිසිදු සැලකිලිමත් භාවයකින් තොරව ප්‍රවාහනය කිරීමත් , අනතුරින් පසු හිමිකරුවන් විසින් අලියාගේ ප්‍රතිකාර කටයුතු නොකිරීමත් නිසා අද ( 11 ) උදෑසන 2.00 ට පමණ මියගියා .
නීත්‍යානුකූල නොවන අලියෙකු වන කණ්ඩුලගේ දේහය, හිමිකරුවන් විසින් ඉවත්කර තිබුණේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත පවා උල්ලංඝනය කරමින්. කෙසේ වුවද මෙම සිදුවීම පිළිබඳව තොරතුරු දැනුම් දුන් වහාම වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම විශේෂ පරීක්ෂණයක් අරඹන ලෙසත් ,අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දැනුම් දුන් අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි .
සෆාරි සඳහා යෙදවීම නිසා මෙසේ හීලෑ අලින් විශාල ප්‍රමාණයක් අකාලයේ මියගිය හා ආබාධ වලට ලක්වූ අතර, අලි ඇතුන් සෆාරි සඳහා යෙදවීම වැළැක්වීමට නීති සම්පාදනය කරන ලෙසට රජයට බල කරමු.

 

(Shashikalana Rathwaththa, Don supz)

Facebook Comments

more recommended stories

%d bloggers like this: