වෛද්‍ය,සිසු අරගලය සාර්ථකයි – සයිටම් අහෝසි කෙරේ..! (Exclusive)

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේ නව ආයතනය  උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ අනුව සයිටම් ආයතනයට අලූතින් වෛද්‍ය සිසුන් බඳවාගැනීම අත්හිටුවා ඇති අතර, නව බඳවාගැනීම් සිදුකළ යුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන යෝජිත නව ආයතනය සඳහා බවයි රජය අවධාරණය කළේ.

එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ටද සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගින් එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැළසෙනු ඇති.

සයිටම් ගැටලුවට විසඳුමක් දෙන්න – මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස මහනායක හිමිවරු  ලිඛිත ඉල්ලීමක් කර ඇත.මේ වනවිට වෛද්‍ය පීඨ පිඨාධිපතිවරු අටදෙනා විසින් යොමුකොට ඇති යෝජනා ද නම්‍යශීලිව සලකා බලා කාටත් එකඟවිය හැකි විසඳුමකට කඩිනමින් එළඹිය යුතු බව ද උන්වහන්සේලා එහි සඳහන් කොට තිබේ.

මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහනායක ස්වාමින්වහන්සේලා ඉදිරිපත්කළ ලිඛිත ඉල්ලීමෙහි මෙසේද සඳහන් වේ.

සයිටම් විද්‍යායතනය මුල්කරගනිමින් පන නැ‍ඟී ඇති අර්බුදය රටට හිතකර එකක් නොවන අතර එය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, සාමාන්‍ය මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට ද බලවත් හානියක් ඇති කරමින් තිබේ.

එබැවින් මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුය.

 

සයිටම් ආයතනය පිළිබද රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපතිතුමා පසුගිය 23 වෙනිදා ප්‍රකාශ කලේ මෙලෙසින්,
සියලූ අභියෝගවලට සහ ගැටලූකාරී තත්ත්වයන්ට සාකච්ඡුාවෙන්, සංවාදයෙන් සහ කරුණු බෙදා හදා ගැනීමෙන් විසදුම් ලබාගත හැකි බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: