සජින් වාස් වත්කම් හෙළි නොකලාට රුපියල් 1000ක දඩයක්..!

වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට රුපියල් 1000ක දඩයක් නියම කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් අද (07) මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ෙපාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකුව සිටියදී 2011 මාර්තු 31 වන දා සිට 2012 මාර්තු 31 වන දා දක්වා  වත්කම් බැරකම් හෙළි නොකිරීමට අපොහොසත් වීම නිසා අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් ඔහුට එරෙහිව මෙම නඩුව පනවා තිබුණා.

යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම්, ලිහිල් දඩුවම් සහිත වසරක දඩුවමක් ලබා දීමට ද නියම කර තිබෙනවා.

සජින් වාස් නැවතත්  බිස්නස් පටන් ගනී..!

රාජපක්ෂ ආණ්ඩුවේ දුෂිතම ඇමතිවරයෙක්ව සිට මේ වනවිට සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු වී සිටින සජින් වාස් ගුණවර්ධන, පසුගියදා  හාල් මෝලක් මිලදී ගෙන මේ වනවිට වී බිස්නස් කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

පෑන් ඒෂියා (PAN ASIA), ලංකා ඔරික්ස් ලීසිං (LOLC) වැනි සමාගම්වලට කෝටි ගණනින් ණය පියවා නැති සජින් වාස් ඔවුන් බලාසිටියදීම කෝටි ගණනක මුදලක් යොදවා මෙම හාල් මෝල මිලදී ගෙන තිබේ.

තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ සජින් වාස් ගුණවර්ධනට ඇප ලැබුණේත්, රජයේ සාක්ෂිකරුවෙකු වූයේත් නැවතත් ඇමති ආරක්ෂක සේවාව යටතේ ආරක්ෂකයන් හය දෙනෙකු ලැබුණේත් දේශපාලන අනුග‍්‍රහය යටතේ බවයි.

මොවුන් දෙදෙනා කොළඹ ජයික් හිලටන් හෝටලයේ එකම මහළේ පදිංචිකරුවෝ වෙති.

පසුගියදා ණය අයකර ගැනීම සදහා ඉහත සදහන් සමාගමක ණය අයකර ගැනීමේ නිළධාරීන් සජින් වාස්ව හමු වූවිට ඔහු, ඔවුන්ව එළවාගෙන ඇත්තේ ‘සත පහක් ගෙවන්නෑ, පුලූවන් දෙයක් කරපල්ලා’ යනුවෙන් පවසමිනි.

සජින් වාස්ගේ බිරිදට අයත් වූ ගල්කිස්සේ දේපලක් පසුගිය වසරේදී පෑන් ඒෂියා බැංකුව විසින් රුපියල් මිලියන 160 කට වෙන්දේසි කළ අතර එහිදී ඔවුන්ට අයකර ගතහැකි වූයේ සජින් ලබාගෙන ඇති ණය මුදලින් 10 % කටත් වඩා අඩු ප‍්‍රමාණයකි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: