Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

විරෝධාර රණවිරුවන් වෙනුවෙන් නව නිවාස හිමිකම් පත් ජනපති අතින්..!                 මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී – පොලීසිය නිදි..!                 ජනපති මැදිහත්වීමෙන් වර්ජනය අවසන් – දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌..!                 අප්‍රිකානුවන් පරදා ලකුණු 178ක වාර්තාගත ජයක් අපේ සිංහ පැටව් ගත්තු හැටි මෙන්න..!                 යුදහමුදාවේ 100කට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක්..!                 දිවියන් කෑ බව කී සමනලවත්තේ දරුවා පැහැරගත්තේ දරුවාගේ මාමාද..? පොලිසය කරුණු රැසක් අනාවරණය කරගනී..!                 සැකකරුවෙක් ඝාතනයට ඉඩක් නෑ – යුධ හමුදා මේජර්ට මරණ දඬුවම දෙමින් විනිසුරු ඉලංචේලියන් කියයි..!                 රිදෙන්නේ ජනතාවටයි – ආණ්ඩුවට නොවෙයි                

සනත් ජයසුරිය රෝගාතුර වෙයි – ප්‍රතිකාර සදහා ඕස්ට්‍රේලියාවට..! (PHOTO)

සනත් ජයසුරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලබාදුන් තරම් ජයග්‍රහණ ප්‍රමාණයක් ජාත්‍යන්තර තරඟ වල අනෙකුත් කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබාදීමට හැකියාවක නොලැබෙන්නේ සනත්ගේ සාර්ථකත්වය මතයි.

සනත් ගැන මේ තරම් ලියන්නට හිතුනේ මේ වීරයා ගැන විදෙස් මාධ්‍ය ඊයේ පලකල තිබු ජායාරුපයක් සමඟය.

සනත් මේ දිනවල දරුණු දණහිසේ ආභාදයකින් පීඩා විඳින අතර ඔහුට තනිව ඇවිදගන්න බැරි තැනට පත්වී ඇති බවද එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් ඔස්ට්‍රේලියාවට අද දිනයේ පිටත් වන බවද විදෙස් මාද්‍ය වාර්තා පළකර තිබිණි.

ඔහු මසක පමණ කාලයක් එහි අදාළ සැත්කම වෙනුවෙන් ගතකරන බවද මෙම වාර්තා වැඩි දුරටත් පවසනු ලබයි.

මීට වසර 10 කට පෙර මෙවැනි අභාදයක් සනත්ට වුනානම් තත්වය කෙලෙස වෙනස් වෙනු ඇත්ද, සියලු මාධ්‍ය අභාදය කුමක්ද කවදා සුවවේද යන්න පුවත් නිරන්තරයෙන් පලකරනු ඇති අතර ක්‍රීඩා ලෝලීන්ද දැඩි උනන්දුවෙන් ඒවා කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

අද මේ තැනට පත්වී ඇති සනත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු කීයකට කොපමණ දුරක් දුවන්නට ඇත්ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ලබාගන්නට පන්දු යවන්නට කොපමණ දුරක් දුවන්නට ඇත්තද, ශ්‍රී ලංකාව වෙනුවෙන් උඩපන්දු ලබාගන්නට දුවද්දී දැවී යාම් ලබාගන්නට මෙන්ම ප්‍රතිවාදී ලකුණු නවත්වන්නට පන්දු පිටිපස කොතරම් දුරක් දුවන්නට ඇත්ද,

පන්දු යවන්නාට උපදෙස් දෙමින් ඔහුගේ පිටුපස නායකයා ලෙස, කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස කොතරම් දුරක් ඇවිද ඇත්ද,

මේ සියළු කැපකිරීම් වලින් ශ්‍රී ලංකාවට ලැබුන ජයග්‍රහණ සහ කීර්තිය අපමන වන අතර එවන් ක්‍රීඩකයෙකු ට මෙලෙස ඇවිද ගන්නට නොහැකිව සිටින ආකාරය දකින විට සනත්ගේ ජවයදැක ඇති ඕනෑම ක්‍රීඩා ලෝලියකුට දැඩි දුකක් ඇතිවීම ස්වභාවිකය.