සනත් ක්‍රිකට් කෑවා කියපු අයට හොඳ උත්තරයක් මිනිස්සු දීලා තිබුණා..! (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙසින් කටයුතු කළ සනත් ජයසූරිය ඇතුළු පිරිස පසුගියදා එල්ලා අස්වුණා. ඒ අභ්‍යන්තර ප්‍රශ්න රැසක් සමඟින් වන බවට තොරතුරු වාර්තා වුණු අතර පසුව ඇතැම් පිරිස් විවිධ පෞද්ගලික ප්‍රශ්න ඉදිරියට දමමින් සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළ බවට පුවත් පළ කරන්නට වුණා.

මේ පිළිබඳව බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර සිටි අතර එලෙසින් ජයසූරිය වෙත අභුත චෝදනා එල්ල කළ පාර්ශවයන් වෙත සමාජජාල ඔස්සේ එල්ලවී තිබුණේ දැඩි විරෝධයක්. මේ සම්බන්ධයෙන් පසුගියදා සනත් ජයසූරියද ප්‍රථමවරට BBC ඔස්සේ මාධ්‍යවෙත ඔහුගේ අදහස් ප්‍රකාශ කර සිටියා.

එහිදී සනත් ජයසූරිය පවසා සිටියේ ”මම දැක්කා, මට ආරංචි වුණා, සනත් ක්‍රිකට් කෑවා කියපු අයට හොඳ උත්තරයක් මිනිස්සු දීලා තිබුණා, අපි පරාජයන් හමුවේ තේරීම් කමිටුවේ ඉඳලා වැඩක් නැති නිසයි අයින් වුණේ, ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අපෙන් දෙයක් වෙන්න ඕනි නම් උදව් වෙනවා” ලෙසිනුයි.

මේ එම අවස්ථාවේ සනත් ජයසූරිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝවයි,

Facebook Comments

more recommended stories

%d bloggers like this: