සෞදියේ කතුන්ට රිය පදවන්න අවසර..!

සෞදියේ කාන්තාවන්ට රිය පැදැවීමට අවසර ලබා දෙමින් රාජ ආඥාවක් නිකුත් කිරීමට සෞදියේ සල්මාන් රජු කටයුතු කළේය.
පාලක මණ්ඩලයේත් විද්වත් මණ්ඩලවලත් උපදෙස් සහ අනුදැනුම මත බොහෝ දෙනාගේ මතයට ගරු කරමින්, රටේ පවතින ෂරියා නීතියට අනුව, පවතින නීති රීති වෙනස් කරමින්, කාන්තාවන්ට මෝටර් රථ පැදවීමට අවසර දෙන බව සෞදි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් සල්මාන් රජු නිවේදනය කළේය.

ඒ අනුව, රජු නිකුත් කළ රාජ ආඥාවට අනුව, කාන්තාවන්ට රිය පැදැවීමට අවසර දෙමින් නව නීති සකස් කෙරෙන අතර, ඒවා ක්‍රියාවට නැංවෙනු ඇත්තේ ලබන ජූනි මාසයේ යැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් කාන්තාවන්ට රිය පැදැවීමට හැකියාව ඇත්තේ තනිවම නොව, පිරිමි ‘බාරකාරයකු’ සමඟ යැයි ද පැවැසෙයි.
මෙම කොන්දේසිය සම්බන්ධයෙන් සෞදි කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධානවල වැඩි ප්‍රසාදයක් හිමි වී නොමැති නමුත් සෞදි කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් සෞදි රජු ගත් තීරණය ඉතා වැදගත් බවත් මෙන්ම ඓතිහාසික තීන්දුවක් බවත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී./රොයිටර්)

Facebook Comments

more recommended stories

%d bloggers like this: