බුර්කාවට යටවූ මුස්ලිම් සමාජයේ අම්මාවරු හා සැඟවුනු සුපිරිතරු..! (Video)

කාන්තාඅ හිංසනය සමගින් නැගී එන පුරුෂාධිපත්‍ය අද වන විට ලෝකයේ සතර කොනටම විහිදී ගිය ඛේදවාචකයක් වී අවසානය. රැකියාව නිරතවන තැන, ව්‍යාපාරය පාඩු ලැබීම වැනි ආර්ථිකමය හා විවිධ සමාජීය තෙරපීම් වලින් නැගී එන පීඩනය බොහෝ විට පුරුෂයන් විසින් පිට කරන්නේ තම බිරිඳ හා දරුවන්ගෙනි.

මෙයට පුරුෂාධිපත්‍ය ප්‍රමුඛ වූ ආගමික පසුබිම එක්වීමත් සමග එම තෙරපුම දෙගුණ තෙගුන වී කාන්තාවට එන පීඩනය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. එවැනි පවුලක දරුවන් සහ පවුල රැක ගැනීමට කාන්තාව එසේත් නැතිනම් අම්මා තමන්ට පුරුෂයාගෙන් එන වධ හිංසා දරාගෙන දරුවන්ගේ යහපත පිණිස උහුලන වේදනාවන් කෙතරම්ද..?

මේ පෙරවදන ලිවීමට සිත් වූයේ බොලිවුඩයේ ක්‍රියාශීලි වීරයා අමීර්ඛාන්ගේ නවතම සිනමා නිර්මාණය ලෙසින් එළියට ආ “සැඟවුනු සුපිරි තරුව” අති සංවේදී චිත්‍රපටය නැරඹීමෙන් පසුවය. සිනමා නිර්මාණයේ “ඉන්සියාට” ඇයගේ මවව දරුණු බවින් පාලනය කළ, පියෙකුගෙන් තම ජීවිතයට එල්ලවන පීඩනයද දරාගෙන තම සිහිනය කරා යෑමට හැකිවේද යන්නයි..?

සියලුම දුක් දරාගෙන තම දියණියගේ සිහිනය වෙනුවෙන් කැපවන මව මෙන්ම, කුඩා වුවත් තමාට හැකි පමණින් දෙයක් කිරීමට වෙහෙසන තම සහෝදරයා පිළිබඳවද මෙහි අපූර්ව ලෙසින් දිග හැරෙනවා..

බුර්කාවකට හිරවුනු මුස්ලිම් සමාජයේ කාන්තාව දෙස ඉස්ලාමීය ආගමික සමාජය මෙන්ම මාන්ව හිමිකම්ක්‍රියාධරයන්ගේ ඇස් ද සාධාරණව හා යුක්තිගරුකව සංවේදීව බැලීමට යොමු කිරීමට සමත්වන චිත්‍රපටයක් බවට මෙය පත් වේ නම් මා සිතන්නේ අමීර්ඛාන්ගේ නිර්මානයට වැඩි සාධාරණයක් ඉෂ්ඨ වනු ඇති බවයි…
(එය කිසිසේත්ම ජාතිවාදි ප්‍රකාශනයක් ලෙස නොගන්න)

එමෙන්ම ජාතිබේදයකින් තොරව අපේ රටේ සමාජය දෙස බැලීමේදී බීමත්කම සමගින් සමාජයේ නැගී ගෙන එන මෙම ස්ත්‍රී හිංසන රැල්ල පිළිබඳවද මෙම චිත්‍රපටය අනුසාරයෙන් එවැනි දේවල් අවම කිරීමට වඩාත් හොඳ උත්තේජනයක් ලැබෙන බව මාගේ විශ්වාසයයි.

එමෙන්ම දරුවන්ට තම දෙමව්පියන් ගැන විශේෂයෙන්ම අම්මා වරුන් පිළිබඳව, ඔවුන් කරන කැපකිරීම පිළිබඳව නැවත වතාවක් සිතීමට මෙම චිත්‍රපටය මගින් මගපෙන්වීමක් ලැබෙනු ඇත…!

මිහිඳු ෆොන්සේකා

Facebook Comments

more recommended stories

%d bloggers like this: