“ප්‍රේම දඩයමේ” ශිවන්‍යා ලංකාවට ඇවිත් දාපු නැටුම මෙන්න..! (PHOTO & VIDEO)

ඉන්දියාවේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය රන්ඟන ශිල්පීනියක් වන “මයුනි රෝයි” හෙවත් ප්‍රේම දඩයම මෙගා ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන රන්ඟන ශිල්පිනියක වන ශිවන්‍යා පසුගිය දා ලංකාවට පැමිණියා. ඒ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ කැෂිනෝ ආයතනයක පැවති ප්‍රසංගයකට සහභාගී වීමටයි. දිව්‍යංකා ත්‍රිපාති. එහෙම නැත්නම් ඉෂිතා. මෞනි රෝයි. ඒ කිව්වේ ශිවන්‍යා. මෑත කාලයේ අපේ පුංචි තිරයේ ජනප්‍රියම තාරකාවන් දෙන්නෙක්.

අපේ ආලින්දයට මේ දෙන්නා එන්නේ මෑතක ඉඳලා වුණාට ඉන්දියාවේ පුංචි තිරය නම් මේ දෙන්නා ජයගත්තෙ ගොඩක් කාලයකට කලින්. ඉන්දියාවෙන් එන ආරංචිවල හැටියට මේ දෙන්නා හොඳ යෙහෙළියො දෙන්නෙක්. හැබැයි දෙන්නා අතර තරගයක් නැතිවමත් නෙවෙයි. පසුගිය දවසක ඉන්දියාවේ පුංචි තිරයේ හොඳම නිළියන් දසදෙනා තෝරා ගත්තා. එහි අංක එක හිමිකර ගත්තේ ඉෂිතා. එහෙම නැත්නම් දිව්‍යංකා ත්‍රිපාති. තුන්වැනි ස්ථානය තමයි මෞනිට (ශිවන්‍යා) හිමිවුණේ. නමුත් මේ දෙදෙනාගේ සුන්දරත්වය වගේම දක්‍ෂතාවත් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නැහැ කියලා ප්‍රේක්‍ෂකයෝ දන්නවා. එක් අවස්ථාවකදී රූපවාහිනි වැඩසටහනකට මේ දෙන්නාම සහභාගි වෙලා. එදා දෙන්නා එකට ගත්ත සෙල්ෆි ඡායාරූපයක් සමාජ වෙබ් අඩවිවලට එක්කළාට පසු විශාල සංඛ්‍යාවකගෙන් ප්‍රතිචාර ලැබිලා තිබුණා.

ඉන්දියානු ටෙලි නිළියන් ඉන්ස්ටර්ග්‍රෑම් කළ ඡායාරූප අතරින් හොඳම ඡායාරූපය තෝරන අවස්ථාවේදීත් ප්‍රථම ස්ථානය හිමිවුණෙ දිව්‍යංකාට. ඊට පසු ස්ථානයක් තමයි මෞනිට හිමිවුණේ.

මේ වසරේ ට්ධතඤ ඒඹචපඤඵ උළෙලේදීත් යේ හේ මොහාබතන් (මේ ආදරයයි) සහ නාගීන් (ප්‍රේම දඩයම) ටෙලි නාට්‍ය මාලා සම්මානයට පාත්‍රවුණා. එහිදී හොඳම නිළිය වුණේ දිව්‍යංකා. මෞනි තමයි ජනප්‍රියම නිළිය. මේ විදියට අවස්ථා ගණනාවකදී මේ දෙන්නා කරට කර තරග කර තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඉදිරියට ආවේ දිව්‍යංකා. නමුත් මෞනිත් පරාජයට පත්වුණේ නැහැ. ශිවන්‍යා නමින් මෞනි රඟන නාගින් (ප්‍රේම දඩයම) කතා මාලාව විකාශය වෙද්දි බොහෝ අය හිතුවෙ තිවංකාට (ඉෂිතට) තිබෙන ජනප්‍රියත්වය, ආදරය නැතිවෙයි කියලයි. නමුත් එහෙම වුණේ නැහැ.

ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් කරන්න මෞනිට බලාපොරොත්තුවක් තිබෙනවා වෙන්න පුළුවන්. වෙස්‌ මාරුකරන නාග කන්‍යාවන් දෙදෙනකුගේ කතා පුවතක්‌ වටා ගෙතෙන ප්‍රේම දඩයමේ මේ අය අතරින් ශිවන්‍යා එහෙමත් නැතිනම් මෞනී රෝයි ට තමයි ගොඩක්‌ අය ආදරේ කරන්නෙ. ඒ කියන්නෙ රිතික්‌ටයි ශේෂටයි ආදරේ නැහැ කියල නෙවෙයි. එයාලටත් ආදරෙයි. ඒක නිසාම අපි ඔයාල ආදරේ කරන ශිවන්‍යා, රිතික්‌ සහ ශේෂා කියන තුන්දෙනා ගැන ඔයාල නොදන්න තොරතුරු ටිකක්‌ අරගෙන එන්න හිතුව.

ඔයාල නොදන්නව වුණාට මෞනී මුලින්ම රංගනයට පිවිසෙන්නේ ලංකාවෙ ප්‍රේක්‍ෂකයන් ආදරෙන් නරඹපු මහගෙදර ටෙලිනාට්‍යයේ ක්‍රිෂ්නා තුල්සිගේ චරිතයෙන්. ඉන් පසුව නොයෙක්‌ චරිත ඔස්‌සේ ප්‍රේක්‍ෂකයන් හමු වූ මෞනි අති දක්‍ෂ කතක්‌ රංගන ශිල්පිනියක්‌. ඉන්දියානු කලර්ස්‌ ටීවී නාලිකාවේ විකාශය වූ ජලක්‌ දිල්කා ජා නම් වූ නර්තන වැඩසටහනේ අවසාන වටය දක්‌වා පැමිණීමටත් ඇය වාසනාවන්ත වුණා. මේ දවස්‌වල මෞනි ඉන්දියාවෙ විතරක්‌ නෙවෙයි ලංකාවෙත් ජනප්‍රියම නිළිය බවට පත්වෙලා. ඒ ප්‍රේම දඩයම නිසා.  මෞනී දැන් විවාහකයි. හැබැයි ඒ රංගනයට සම්බන්ධ කෙනෙක්‌නම් නෙවෙයි. නාගීන්හි ජනප්‍රියත්වයත් එක්‌ක මෞනීට එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ අර්ජුන් බිර්ලානිගේ නම පටලවමින් නොයෙකුත් කටකතා පැතිරෙන්න පටන්ගත්තා. ඒ දේවල්වලට මෞනි දුන්නෙ මේ වගේ පිළිතුරක්‌.

විවාහකයෙකුගේ අනියම් බිරිඳක්‌ වෙන්න මට අවශ්‍ය නැහැ. මේ ලෝකෙ ඉන්න හොඳම සැමියා තමයි මට ලැබිල ඉන්නෙ. ඉතින් මම මොකටද වෙනත් අය පස්‌සෙ යන්නෙ.  සමහරු කියන්නෙ බැලූ බැල්මට මෞනී ගොඩක්‌ ආඩම්බර චරිතයක්‌ කියලයි. නමුත් ඇත්තටම එයා හරිම අහිංසක චරිතයක්‌ කියල දන්නෙ එයා වටේ ළඟින්ම ඉන්න කිහිපදෙනා විතරයි. නාගීන් දර්ශන තලයේදී හැම කෙනෙක්‌ එක්‌කම සහයෝගයෙන් වැඩකරන්න වගේම හැමෝවම සතුටින් තියන්න මෞනී ගොඩක්‌ දක්‍ෂයි.

දින 3 පුරා පැවති මෙම ප්‍රසංගය සඳහා ඉන්දියානු නර්තන ශිල්පීන් බොහෝ පිරිසක් එක්ව සිටි අතර, එම නර්තනයේ අවස්ථා කිහිපයක චායාරූප හා වීඩියෝව පහතින්,

more recommended stories