කිඹුලකුගේ සපාකෑමට ලක්‌වූ ‘අර්ජුන/ගැමුණු’ දැන් සුවය ලබමින් සිටිනවා..! (PHOTO)

කිඹුලකු විසින් සපාකෑමෙන් බරපතළ තුවාල ලබා සිටි “ගැමුණු හෙවත් අර්ජුන හස්‌තියා” මේ වන විට සුවය ලබමින් සිටින බව වනජීවී නිලධාරීහු පවසති.

පසුගිය 5 දා අර්ජුන් හස්‌තියා සිතුල්පව්ව විහාරය අසල පිස්හිටි වැවට බැස සිටියදී උගේ ලිංගේන්ද්‍රිය කිඹුලකුගේ සපාකෑමට ලක්‌වී බරපතළ තුවාල ලබා වනය තුළට ගොස්‌ තිබිණි. අනතුරුව ඇතාගේ ලේ සලකුණු ඔස්‌සේ වනය තුළට සොයාගොස්‌ ඌට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

ඌව සහ මධ්‍යම වනජීවී කලාප භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඇතාට ප්‍රතිකාර කිරීමට කටයුතු කර ඇත. තුවාලය තවමත් සුව වී නොමැති බවත් ඇතා සිතුල්පව්ව විහාරය ආශ්‍රිතව සැරිසරන බවත් ධර්මකීර්ති මහතා පැවසීය.

අර්ජුන සහ ගැමුණු යන නම් දෙකෙන්ම ප්‍රසිද්ධ මෙම හස්‌තියා යාල වනෝද්‍යානයේ සිටින දිගම දළ සහිත ඇතුන් කිහිපදෙනාගෙන් එකකු ලෙස සැලකෙයි.

වනයේ සිටින අර්ජුන ඇතා සිතුල්පව්ව විහාරය අසල රැඳී සිටීමට පුරුදු වී ඇත්තේ විහාරස්‌ථානයෙන් මෙන්ම එහි පැමිණෙන සැදැහැවතුන්ගෙන් ද ඌට ආහාර ලැබීම නිසාය.

පශුවෛද්‍ය ආනන්ද ධර්මකීර්ති.

මීට වසරකට පමණ ආසන්න කාලයේ දී, ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ පාදයකට වෙඩි වැදී අසාධ්‍ය තත්වයේ පසු වූ රාවණා හස්තියා පළමුව හඳුනාගත් දින, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවෙන් අවතීර්ණ වූ දිනකි. එහෙත් එම ඉල්ලීම් සියල්ල පසෙක ලා ඔහු රාවණාට ප්‍රතිකාර කලේ ” වෘත්තීය ක්‍රියාමාර්ග වලට වඩා ඇතාගේ ජීවිතේ වටිනවා ” යැයි පවසමිනි. ප්‍රතිකාර නොලැබුණි නම් රාවණ මියයන්නේ එදිනය.

එතුමා නමින් පශුවෛද්‍ය ආනන්ද ධර්මකීර්තිය. ලුණුගම්වෙහෙර හා යාල ප්‍රදේශය භාර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍යවරයාය. පසුගිය දින තුවාල සිදුවූ සිතුල්පව්ව ” අර්ජුන ” ට ද ප්‍රතිකාර කලේ මෙතුමාය.

ඔහු ඇතුලු කණ්ඩාමේ කැපවීම මත මියෙන්නට නොදී ජීවිතය ලද වනසතුන් ගණන අප්‍රමාණය. මුදළට වන අලි පැටවුන් ඇල්ලීමට ජාවාරම්කරුවන්ට සහය වූ පශුවෛද්‍යවරු ඇති යුගයක, අව් වැසි සුළං නොතකා වනජීවි සම්පත රැකගැනීමට ඇපකැප වන ධර්මකීර්ති මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායමට උපහාරය..!

චමින්ද සිල්වා

Facebook Comments

more recommended stories

%d bloggers like this: