2017 වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය IDEA සමූහ ව්‍යපාරයට..!

හුස්ම ගන්නත් ගෙවන්න වෙන කාලේ වනාන්තරයක්ම අපට ඉතුරු කල සිවිලිම අංක එක වෙයි.

ශ්‍රී ලංකාව යනු ගසට කොලට ආදරේ මිනිසුන් වෙසෙනා රටක් බව අප අමුතුවෙන් කිව යුතු නැත.වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන වනාන්තර විනාශයට සාමාන්‍ය ජනතාව දක්වන විරෝධයම එයට කදිම නිදසුනකි.

අප ඔබට මේ කියන්නට සැරසෙන්නේ තවත් වන විනාශයක් ගැනනම් නොවේ.අප බොහෝ දෙනෙකු නිවසක් හෝ කාර්යාලයක් තැනීමේදී එහි වහලයට ලී සිවිලිමක් යොදා ගන්නේ එහි ඇති අලංකාරය සහ ඇසට ප්‍රියමනාප නිමාව හේතුවෙනි.නමුත් ඒ සදහා අප යොදා ගන්නා ලෑලි හේතුවෙන් අප නොදැනුවත්ම ගස් විශාල ප්‍රමාණයක් අපට අහිමි වනවා.නමුත් මිට වසර 4 කට පමණ පෙර අයිඩියා සමුහ ව්‍යාපාරය මෙරටට හදුන්වා දුන් සිවිලිම නිෂ්පාදන , ලෑලි පෙනුමක් සහිත ආදේශක නිෂ්පාදනයකි.

“Sivilima” The Most Innovative Brand of the Year at SLIM Brand Excellence 2017

එම නිසාම ශ්‍රී ලංකාව තුල ඉතා කෙටි කලකින් සිවිලිම නිෂ්පාදන ජනප්‍රිය වන්නට විය.එහි ජනප්‍රියත්වය කොතරම්ද කිවහොත් සිවිලිම නිෂ්පාදන හේතුවෙන් ගස් විශාල ප්‍රමාණයක් මෙරට මිහි තලය තුල තවදුරටත් අපට සෙවන සලසන්නට වරම් හිමි විය.ඒ ලෑලි ලබා ගැනීමට ගස් විනාශ නොකර ජනතාව සිවිලිම නිෂ්පාදන වෙත යොමු වීමත් සමගය.

කෙටි කලක් තුල සිවිලිම නිෂ්පාදන සිදුකල මෙම පෙරළියත් සමග 2017 වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවර Idea සමූහ ව්‍යපාරයට අයත් සිවිලිම සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කළ SLIM Brand Excellence Awards 2017 සම්මාන උළලේදියි.

මෙරට ජනප‍්‍රිය නවෝත්පාදන වෙළඳ සන්නාම රැසක සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදියි. සිවිලිම ආයතනය වෙනුවෙන් මෙම රන් සම්මානය ගනු ලැබුවේ අයිඩියා සමුහ ව්‍යපාරයේ ප්‍රධාන විධායකය නිලධාරී සම්පත් මායාකඩුව මහතා විසින්ය.

 

අයිඩියා සමූහ ව්‍යාපාරයට අයත් ‘සිවිලිම’, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශිෂ්ට වෙළද සන්නාම ඇගයීම් උළෙලේදී විශිෂ්ටතම නව්‍යකරණ වෙළද සන්නාමය බවට පත් වූ වගයි.
“Sivilima” The Most Innovative Brand of the Year at SLIM Brand Excellence 2017

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: