Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

රජයේ අමතර වියදම් වලට තවත් කෝටි 1904 ක් ඉල්ලයි..!

රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.

මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි අටකට වැඩි මුදලක්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු පිළිබඳ ව්‍යාපෘතියේ විදයම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට රුපියල් කෝටි 151ක මුදලක් ද ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් කෝටි 18ක මුදලක් ද වෙන් කර ඇත.

මෙයට අමතරව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා විදයදම් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් කෝටි 125ක මුදලක් ද වෙන් කර තිබේ.

සමූද්‍රීය ආරක්ෂක ශක්‍යතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 266 කට වැඩි මුදලක් ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 260ක මුදල්ක වෙන් කර තී ඇතැයි පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වෙයි.

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු