Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ලොවම බලා සිටි සෝනම් කපූර්ගේ විවාහය සිදුවූ හැටි..! – ඡායාරූප මෙන්න..! (PHOTO)

ලෝ්කයේම කතාබහට ලක්වුනු සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර් සහ ආනද් අහුජාගේ විවාහ මංගල්‍ය අද මුම්බායි නුවරදී පැවැත්වුනා.

බොලිවුඩ් නළු නිළියන් රැසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක්ද සෝනම්ගේ විවාහ උත්සවයට සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

සෝනම් කපූර් ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ දියණිය වන අතර ඇය විවාහ කරගත් තරුණයා මෝස්තර නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුද වනවා. එමෙන්ම ආනන්ද අහුජා මුම්බායි නගරයේ ඇඳුම් වෙළෙඳසැල් කිහිපයකම හිමිකරුවෙකුද වන බව සඳහන්.

එසේම තමන්ගේ උත්සවය සඳහා නිර්මාණය කල විවාහ ඇරයුම් පත අනෙකුත් විවාහ උත්සවවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස නිර්මාණය කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම පරිසරයට ඉතාමත් ආදරයක් දක්වන නිසා විවාහ ඇරයුම් පත් සඳහා කඩදාසි යොදා නොගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට නිර්මාණශීලි ලෙස නිර්මාණය කරනූ ලැබු විද්‍යුත් ඇරයුම් පත් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා නැදෑ හිතමිතුරන්ට යැවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.