දින දෙකයි පැය තුනෙන් බංගලි පරදියි – රංගනගෙන් ලෝක වාර්තාවක්‌

තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේ ඩකාහි පැවැති දෙවැනි තරගයේ තවත් දින දෙකක්‌ ඉතිරිව තිබියදී ලකුණු 215 ක ජයක්‌ වාර්තා කරගත් ශ්‍රී ලංකාව 1-0 ක්‌ ලෙස තරගාවලියේ ජය ලැබීමට සමත් විය.

පළමු ඉනිමේ ලකුණු 112 ක අවාසිය සමගින් ලකුණු 338 ක ඉලක්‌කයක්‌ කරා පිටියට පිවිසි බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 123 කට සීමා කිරීමට අල ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පසුගිය දෙවසර තුළදී බංග්ලාදේශය සිය මවු බිමේදී පරාජය වූ පළමු ටෙස්‌ට්‌ තරගාවලිය වශයෙන් ද මෙය සටහන් විය. මීට ප්‍රථම ප්‍රබල ඔස්‌ටේ්‍රලියාව හමුවේද ඔවුන් ටෙස්‌ට්‌ ජයක්‌ ලබා තිබීම මෙහිදී විශේෂත්වයක්‌ විය.

මෙම තරගයේදී ටෙස්‌ට්‌ වරම් දිනා ගත් අල ධනංජය පළමු ඉනිමේදී ලකුණු 20 කට කඩුලු 3 ක්‌ සහ දෙවැනි ඉනිමේ ලකුණු 24 කට කඩුලූ 5 ක්‌ වශයෙන් සමස්‌ත කඩුලු 8 ක්‌ බිඳ හෙළුඑවේය. එය සටහන් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු විසින් සිය පළමු තරගයේදී දක්‌වන ලද ඉහළම දක්‌ෂතාව ලෙසිනි.

මීට අමතරව බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී ලකුණු 49 ක්‌ තුළ කඩුලු හතරක්‌ දවා ගැනීමත් සමග රංගන හේරත් වැඩිම ටෙස්‌ට්‌ කඩුලු සංඛ්‍යාවක්‌ දවාගත් වමත් පන්දු යවන්නා බවට පත්වූයේය. එඇ අනුව මේ වනවිට තරග 89 කට සහභාගී වී තිබෙන රංගන හේරත් එහිදී ඉනිම් 162 කදී කඩුලු 415 ක්‌ දවාගෙන තිබේ.

ජයග්‍රහණය සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල වශයෙන් ටමීම් ඉක්‌බාල්ව ලකුණු 2 කට දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක්‌ ලබා දීමට දිල්රුවන් පෙරේරා සමත් වූයේය.

අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 49 ක්‌ වනවාත් සමගම ක්‍රියාත්මක වූ රංගන හේරත් යෑවූ පන්දුවකට පිත්තේ කොනක වැදී ආ උඩ පන්දුව නිරෝෂන් දික්‌වැල්ල විසින් රැක ගැනීමත් සමග ඉම්රුල් කයිස්‌ගේ ඉනිම ලකුණු 17 කට සීමා විය.

බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 15 ක්‌ එක්‌වනවාත් සමගම හේරත්ගේ දඟ කැවීමට හසුවූ මොමිනුල් හක්‌ තෙවැනි කඩුල්ල වශයෙන් පිටියෙන් ඉවත් විය. මොමිනුල් පිටියෙන් ඉවත්වනවිට ලකුණු 33 ක්‌ රැස්‌කරගෙන සිටියේය. එය බංග්ලාදේශ ඉනිමේ සටහන් වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් විය.

ලකුණු 12 ක්‌ ලබා සිටි ලිටන් ඩස්‌ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු දඩයම ඇරඹූ අල ධනංජය මහමදුල්ලා රියාඩ්, සබීර් රෙහෙමාන්, මෙහෙදි හසන්, අබ්දුර් රසාක්‌ දවා ගනිමින් සිය මංගල කඩුලු පහේ සීමාවට පැමිණියේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වාර්තා වූ අවසන් ලකුණු 23දී ඔවුන්ගේ කඩුලු 6 ක්‌ බිද වැටීම විශේෂත්වයක්‌ බවට පත්විය.

මෙහිදී පළමු ඉනිමේ ලකුණු 56 ක්‌ සහ දෙවැනි ඉනිමේ ලකුණු 70 ක්‌ රැස්‌කරගත රොෂේන් සිල්වා තරගයේ වීරයා බවට පත්වූ අතර හෙතෙම තරගාවලියේ වීරයා වශයෙන්ද සම්මාන ලැබීය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: