වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන බඩු ලැයිස්තුව මෙන්න..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග 8ක සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.

සම්බා – 84, සුදු නාඩු – 74, රතු නාඩු – 80, සුදු කැකුළු – 65, රතු කැකුළු – 75, කැඩුණු සහල් – 60, සුදු කැකුළු සම්බා – 90,රතු කැකුළු සම්බා – 88,හාල් මැස්සන් ( තායිලකන්ත-525)

මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු පැවසුවා. ජීවන වියදම අඩු කිරීම සඳහා ජනාධිපති උපදෙස් මත මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියා.

අද සිට වැඩිවූ ආහාර මිල ගණන්..!

මේ අතර ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බැවින් එයට සමගාමීව අද සිට (28) බත් පැකට්, තේ කෝප්පයක සහ ආප්පවල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඊයේ සඳහන් කර සිටියා.

ඒ රජය ගෑස් මිල රුපියල් 110කින් වැඩි කිරීම, පොල්, එළවළු හා සහල් මිල පාලන මිලකට නතු නොවී සීග‍්‍රයෙන් ඉහළ යාම සහ පරිසර හිතකාමී ආහාර දවටන (ලන්ච් ෂීට්) මිල අධික වීම මෙම මිල වැඩිවීම සඳහා විශේෂයෙන් බලපාන ලද බව එ් මහතා සඳහන් කළේය.

අද (28) සිට දිවයින පුරා ආපනශාලාවල බත් පැකට් එකක මිල රුපියල් 130 දක්වා වැඩි වනු ඇත.

එම බත් පාර්සලයේ බත්, එළවළු වර්ග 03ක්, පලා වර්ගයක් සහ මාලූ කෑල්ලක් අඩංගු විය යුතුයි.

මාලූ කෑල්ලක් වෙනුවට බිත්තරයක් හෝ කුකුළු මස් ලබා ගැනීමට පාරිභෝගිකයාට අයිතිය ඇත.

ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි වන අතර එම ආප්පය සමඟ ලූණුමිරිස් නොමිලේ සැපයීම සිදුකළ යුතුය.

සාමාන්‍ය තේ එකක මිල රුපියල් 20 දක්වා වැඩි වන අතර එ් සඳහා හොඳ මට්ටමේ ටී බෑග් සැපයීම ආපනශාලා හිමියන්ගේ වගකීමකි.

එමෙන්ම කිරි තේ එකක මිල රුපියල් 40 දක්වා වැඩි වන අතර එ් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට පිටි දමා සැකසිය යුතු අතර හොඳ මට්ටමේ ටී බෑග් සැපයීම සිදුකළ යුතුය.

මේ වන විට ආහාර අඩු මිලට සපයන විශ්ව විද්‍යාල හා රජයේ වෙනත් ආයතනවල ආපනශාලාවලද ඉහත දක්වන ලද ආහාර වර්ගවල මිල ගණන් හෙට (28) සිට මෙම මිලටම අලෙවි කරනු ලැබේ.

ඉහත දක්වන ලද ආහාර වර්ග එම මිල ගණන් යටතේ අඩු ප‍්‍රමිතියකින් අලෙවි කරන ආපනශාලා පිළිබඳව පහත දැක්වෙන දුරකථන අංකවලට වහාම දැනුම් දෙන ලෙස සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක 0713130345 (අසේල සම්පත්) හෝ 0777205137 (රංජිත් විතානගේ)

Facebook Comments

more recommended stories

%d bloggers like this: