ටවුන් එකේ හුස්ම ගන්නවා කියන්නේ දවසට සිගරට් 12ක් බීවා වගේ වැඩක්..!

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ පැවති තරගය අතරතුර ක්‍රීඩා පිටිය ආවට පැවති දුමාරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බාධා එල්ල විය මෙය හේතුවෙන් ක්‍රීඩකයන්ට මුඛවාඩම් පවා පැලද ක්‍රීඩා කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඔක්සිජන් අඩුවීම හේතුවෙන් අපහසුතාවයට පත්වූ අතර සුරංග ලක්මාල් හා ළහිරු ගමගේ තරගය අතහැර ක්‍රීඩාගාරයට පිටත්ව ගියේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරාජය පෙනි පෙනී සිටීම නිසා මෙවැනි ක්‍රියාවක් සිදුකල බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය මේ දිනවල පැවැත්වෙනවා, තරගයේ දෙවන දිනය වූ ඊයේ දින (3) සිදුවූ සිදුවීමක් අතිශය කතාබහට ලක්ව තිබෙනවා. එනම්  තරගය පවතින දිල්ලියේ ෆේරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩා පිටියේ පවතින අයහපත් වා‍යූ තත්වය නිසා අපහසුතාවයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණු ආවරණ පැළැද ක්‍රීඩා කිරීමයි,

ඉන්දියාවේ නව දිල්ලිය යනු ලොව අධිකම වායූ දූෂණය පවතින නගරයක් වන අතර , එම නගරයේ පවතින අවම ඔක්ෂිජන් තත්වය නිසා එ‍රට අධික‍රණයක් නව දිල්ලියේ ඇතැම් ස්ථාන වල පුද්ගලයන් 1000ට වඩා රැස් වීම පවා තහනම් කර තිබෙනවා, එවැනි තත්වයක් මත ත‍රගාවලියේ තෙවන ටෙස්ට් තරගය නව දිල්ලියේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ කුමන පදනමකින්දැයි පැහැදිලි නැහැ.

තරගය පැවැත්වෙන ෆේරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාර තුල 40,000-ක පමණ රසිකයන් පිරිසක් තරග නැරඹු අතර, දින දෙකක් තිස්සේ පන්දු රැක වෙහෙසට පත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔක්ෂිජන් ඌණතාවය නිසා ස්වසන අපහසුවක් ඇතිවූ බව සදහන්, කෙසේ වෙතත් තරගය , නියමිත ප්‍රමිතියෙන් යුතු ක්‍රීඩා පිටියක පැවැත්වීමට අසමත් වූ ඉන්දීය බලධාරීන්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට චෝදනා කර සිටිනවා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන සභාපති සී. කේ ඛන්නා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිගත නොහැකි බවත් , මේ පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසන බවයි,

ඉන්දීය පාලකයන් එලෙස සිය වැරැද්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිට දමා අත පිස දමා ගැනීමට සුදානම් වන අවස්තාවේ , මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට අපහසු බව ඉන්දීය හිටපු ක්‍රීඩකයන්ද සිය සමාජ ජාලා ගිණුම් වලින් පවසා තිබෙනවා, ඒ අතර සුපිරි ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ද වනවා, සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරන ගාම්භීර් වායු දූෂණය පිළිබදව බලධාරීන්ට චෝදනා කර තිබුණා,

අයහපත් වායු තත්වය නිසාම මෙම ක්‍රීඩා පිටියේ පැවැත්වූ රංජි කුසලාන ත‍රග මාලාවේ තරග දෙකක්ද අතරමග නවතා දමා තිබුණා,  මේ අතර අවදානමෙන් මිදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පැණි රස වැඩිපුර ආහාරයට ගැනීමට , දියරමය අහාර ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා, ඊයේ හවස් භාගයේ පන්දු යැවූ ඉන්දීය කණ්ඩායමේ මුරලි විජේ , රවිචන්ද්‍රන් අශ්වින් හා ඉෂාන්ත් ශර්මා ද ස්වසන අපහසුතා වලින් පෙලෙන අයුරක් පෙනී ගියා. දිල්ලි නගරයේ වායූ තත්ව පරීක්ෂණ අගය 200ටත් ඉහල අගයක් ගන්නා අතර එය දර්ශක අනුව අතිශය අහිතකර වනවා, ශ්‍රී ලංකාවේ වායු දූෂණය සාපේක්ෂව වැඩිම කොළඹ නගරයේ පවා මෙම අගය ගන්නේ 30ක් වැනි කුඩා අගයක්.

කෙසේ වෙතත් මෙම තත්වය මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව ඉන්දීය මාධ්‍ය මගින් දැඩි මාධ්‍ය මෙහෙයුමක් ගෙනයන අතර ඉන්දීය ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහය පළ කර අදහස් දක්වා තිබෙන පසුබිමක , ට්විටර් සමාජජාලයේ ජනප්‍රියතම ශ්‍රී ලංකා නියෝජනය වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තවමත් මේ පිළිබදව කිසිවක් ප්‍රකාශ කර නොමැති වීම විශේෂත්වයකි.

නමුදු සමාජ මාධ්‍ය තුල මෙය පිළිබඳ මිශ්‍ර ප්‍රතිචාර පළවන අතර සෞඛ්‍යය සම්බන්දයෙන් අනතුරුදායක තත්වයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊට විරෝධය පල කිරීම යුක්ති සහගත බව ඇතමුන්ගේ මතය වී තිබේ.

AQI (air quality index) අගයට අනුව දිල්ලී නගරය ලෝකයේ වායු දූෂණය අතින් ඉහලම නගරය වන අතර එහි දූෂිත වායුව ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් දිනකට ශරීරයට වන බලපෑම දුම්වැටි 12ක් ශරීරගත වීමට සමාන බව berkeley earth නමැති ආයතනයෙන් කළ පර්යේෂණවලදී හෙලිවී තිබේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: