Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ලැම්බෝගිනි පරදන ශ්‍රී ලංකාවේම හදපු සුපිරි කාරය මෙන්න..!

2013 වසරේදී මරදාන ට්‍රීපෝලී මාකට් ප්‍රදේශය දැනුම උයනක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් වුනා.

එලෙසින් ශ්‍රී ලංකාවට නව තාක්ෂණය සහ දැනුම මුසු කරන දැනුම උයනක් ලෙස ට්‍රිපෝලී මාර්කට් ප්‍රදේශය ආරම්භ කිරීමෙන් පසුව මරදාන ට්‍රීපෝලී මාර්කට් ප්‍රදේශයේ, එක්ස්පර්ට් සිටි ලිපිනයේ මෙහෙයුම් ඇරඹූ වේගා ඉනොවේෂන්ස් සමාගම ශ්‍රී ලංකාවට අන්‍යන්‍ය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සුපිරි කාරයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු ඇරඹුවා.

ඒ 2014 වසරේදී.

වාර්තා වන අන්දමට වේගා ඉනෝවේෂන්ස් පුද්ගලික සමාගම මගින් එලෙසින් ආරම්භ කරන ලද වේගා සුපර් කාරයේ ව්‍යාපෘතිය මේ වනවිට 80%ක පමණ කටයුතු අවසන්ව තිබෙන බව වාර්තා වෙනවා. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වියතුන්ගේ දැනුමින් සිදුවන මෙම ව්‍යාපෘතියට මොරටුව සරසවියේ ඉංජිනේරුවන් පිරිසක් ඇතුලු දේශීය ඉංජීනේරුවන් සම්බන්ධව සිටිනවා.

ලොව රටවල් බොහෝ ප්‍රමාණයක සංචාරක ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාරයන් සිදු කරනා කෝඩ්ජෙම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය හර්ෂ සුභසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ වන වේගා සුපිරි කාරයේ ව්‍යාපෘතියට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශෂිරංග ද සිල්වා ඇතුලු පිරිසක් සම්බන්ධව කටයුතු කරනවා.

වේගා සුපිරි කාරය සම්පූර්ණයෙන්ම සාදා නිම කළ පසු මරදාන ට්‍රීපෝලී මාකට් භුමීයේම පරීක්ෂණ ධාවන සිදු කිරීමට නියමිත බව සදහන්.