පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රමත්, ජනාධිපති මෛත්‍රීට සහය දෙයි..!

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමූ වූ ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව සදහන් කළාය.

මේ අතර දිගාමඩුල්ල දිස්ත්‍රීක්යේ සංවර්ධන කටයුතු පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ අතර එහි ජනතාව වෙනුවෙන් එම සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ලබාදිය හැකි සියලූ සහය ලබාදෙන බව ජනාධිපතිතුමා සදහන් කළේය

ඇය වැඩිදුරටත් සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය තුළ තමන්ට සිදුවූ විවිධ කෙනහිලිකම් මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි.

ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරණ මහජන  එක්සත් පෙරමුණේ සාමාජිකාවක් ලෙසයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: